
උතුරු නැගෙනහිර ඇතුලු සමස්ත රටේම මිලිටරිකරණයට එරෙහි විරෝධතාවයක් ඊයේ සවස් වරුවේ මිගමුවේ දි පැවැත්විණි.මෑත ඉතිහාසයේ කිසි දවසක මිගමුවේදි නොදුටු පොලිස් නිලධාරින් පිරිසක් ඊයේ දිනයේ මෙම විරෝධතාවය පැවැත්වෙන අවස්තාවට පැමිණ සිටිනු දක්නා ලදි.
ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරය මෙය සංවිධානය කර තිබුණි.
යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් පෙනි සිටිම සදහා මිගමුවේ කතෝලික පියතුමන්ලා කිසිවෙකුත් මෙම අවස්ථාවට එක්ව නොසිටිම විශේෂත්වයකි.
මිගමුවේ කළු සල්ලිකාර පවුලක ආධාරයෙන් මිගමුවේ සිටි එක්තරා කතෝලික පියතුමෙකු විසින් නගරය මැද්දේ ඔරලෝසු කණුව මත මරිය තුමියගේ පිළිරුවක් ඉදිකර තිබුන අතර මේ විරෝධතාවය එම ඔරලෝසු කණුව අසලදි පැවැත්විණි.


