පහත පළවන්නේ ඔහු විසින් කරන ලද ප්‍රකාශයයි.
‘‘වයඹ පළාත් සභාවේ මන්ත්‍රි වරයෙක් වශයෙන් ගරැ සභාව වෙත ඉදිරිපත් කදරන ප්‍රශ්ණයකට නිවැරදි පිළිතුරැ ලබාගැනීම මාගේ වරප්රසාධයකි. 2016 වර්ෂයේදී වයඹ පළාත් සභාවය අයත් නිලධාරීන් විදෙශගත වීම් සහ ඒ වෙනුවෙන් පළාත් සභාව විසින් දරනු ලැබූ වියදම් සහ ඒම විදේශ වැඩසටහන් සදහා ඒවනු ලැබූ අාරාධනා ලිපි මෙන්ම වාර්ථා සම්බන්ධයෙන් මා විසින් අසනු ලැබූ ප්‍රශනයකට පසුගියදා ගරැ ප්‍රධාන අමාත්‍ය තුමන් විසින් පිළීතුර ලබා දෙනු ලැබුවා.
නමුත් ඒම පිළිතුර වැරදි සහ අසම්පූර්ණ පිළිතුරක් බව බැලු බැල්මට පෙනෙන්නට තිබුනා. ඒ සම්බන්ධයෙන් මා විසින් පුදිගලික කරැණු ප්‍රකාශයක් මගින් කරැණු ඉදිරිපත් කිරීමට කටයුතු කළා. නැවත ඒම ප්රශ්නය න්‍යාය පත්‍රයට අැතුල් කිරීමත් ප්‍රතික්ෂේප කරලා මට ලිපියක් ලැබිලා තිබෙනවා. මේ විදියට කටයුතු කළොත් මන්ත්‍රිවරුන්ගේ පිළිතුරැ අපේක්ෂිත ප්‍රශ්න වලට ඔනෑම බොරැවක් ඉදිරිපත් කිරීමේ හැකියාව අමාත්‍ය මණ්ඩලයට ලැබිමට නියමිතයි.
සම්පූර්ණ වියදම මිලියන 12 වශයෙන් දක්වා තිබූ පිළීතුරැ නිවැරදි නොවන අතර අප විසින් හොදින්ම කරැණූ දන්නා උසස් නිලධාරීන්ගේ විදේශගත වීම් සහ ඒ්වාට දරණු ලැබු වියදම් මෙම පිළිරෙන් සගවා තිබුණි. 4 වරකට වඩා විදේශගත වූ නිලධාරීන්ගේ ඒක් ගමනක් පිළිබදව පමණක් පිළිතුරට අැතුල් කර තිබුනා. රැපියල් ලක්ෂ 20 ක් පළාත් සභාවෙන් වියදම් කර නිලධාරීන් 4 දෙනෙක් දකුණු අාසියා ක්‍රිඩා තරග බලන්නට ගියත් කිසිදු ලියවිල්ලක් ඒ් වෙනුවෙන් ඉදිරිපත් කර තිබුනේ නැහැ. අාරාධනා ලිපියක්වත් නැතිව විදේශ ගමන් වලට මුදල් අනුමත කරගත්තේ කෙසේද ? මගේ මතයේ හැටියට අවම වශයෙන් රැපියල් මිලියන 20 ක්වත් මේ විදේශගමන් වලට වියදම් කර තිබෙනවා. මේ හේතුව නිසා තමයි 2017 වර්ෂයේ විදෙස් ගමන් වැය ශීර්ෂය කප්පාදු කර ඒම මුදල් සංවර්ධන යෝජනා වලට වෙන් කරන්න මා යෝජනා කලේ.
මේ අාකාරය ඉතාලිය, ප්‍රංශය, අැමරිකා ඒක්සත් ජනපදය, ජපානය වැනි රටවලට කල සංචාරයන් අැතුලු 90% ක් සංචාරයන්හි අාරාධනා ලිපියක්වත්, පශ්චාත් සංචාර වාර්ථාවක් ඉදිරිපත් කරගන්නට නිලධාරීන් අසමත් වෙලා තිබෙනවා. සමහරැන් පළාත් සභාවෙන් මුදල් ලබාගෙන වෙනත් අායතන වලට වාර්ථා ඉදිරිපත් කලා යනුවෙන් පිළිතුරැ දී තිබුණා. නමුත් අැතැම් නිලධාරීන් මෙම සියලු අවශ්‍යතාවයන් සපුරා නිසිපරිදි විදේශගතවී අැති බවත් ඔවුන් ඒක්රැස්කරගත් දැනුම ඉතා ප්‍රයෝජනවත් ලෙස වාර්ථා කර අැති බවත් ඔවුන්ට ගෞරවයක් වශයෙන් සදහන් කල යුතුයි.
දෙශපාලනඥයින් වගේම නිලධාරීන් ද ජනතා මුදලින් නඩත්තු වෙන්නේ. හැබැයි කැමරාව හැමදාමත් ඒල්ල වන්නේ දේශපාලනඥයින් දෙසට පමණයි. පළාත් සභාව වැනි තැනක දේශපාලනඥයින් ඉක්මවා නිලධාරින් තමන්ගේ බලය පතුරැවා තිබෙන බවට හොදම සාක්ෂීය තමයි මට දුන්න මේ පිළිතුර. දේශපාලන නායකයින්ට මෙවැනි කරැණකට පන්නා පන්නා පහර දෙන මාධ්‍යත් මේ හෙලිදරව්වේදී මුනිවත රැකීම පුදුමයක්. නමුත් ඒ් පෑන් තුඩ නිලධාරීන්ටත් ඒල්ල කර ඔවුන්ටත් තමන්ගේ වගකීම් මතක් කරදෙන ඒක මාධ්‍යකරැවන් කළ යුතුයි. දේශපාලනඥයින් කොහොම වගකීම් ඉටුකලත් අවුරැදු 5 කට සැරයක් ජනතාව ඉදිරියට යන්නට වෙනවා. නිලධාරීන්ට ඒ අවධානමවත් නැහැ. ඒ නිසා ඔවුන්ගේ වගකීම් ගැන දෙගුණයක් සැළකිලිමත් විය යුතු නොවේද ?
ජනතාවෙගේ ඍජු ඡන්දයෙන් වසර 5 කට සැරයක් සභාගර්භයේ අසුන් ගන්නා මන්ත්‍රි වරැන්ගේ බලතල සහ වරප්‍රසාධ, අවුරැදු කෙලකෝටියක් කාර්යාල වලට අරක්ගෙන අැති නිලධාරීන්ගෙන් බේරා ගන්නට මා විසින් මේ කරැණූ මතුකළා විනා තමන්ගේ වගකීම් සහ යුතුකම් දන්නා ඒමෙන්ම ගරැ සභාව වෙතත් ජනතා නියෝජිතයින් වන ගරැ මන්ත්‍රි වරැන් වෙතත් ජනතාව වෙතත් අැති තමන්ගේ වගකීම් නිසි පරිදි ඉටුකරන ගරැ නිලධාරීන්ට සිත් තැවුලක් අැති කිරීමට මා හට අවශ්‍යතාවයක් නොමැති බව අවසාන වශයෙන් ප්‍රකාශ කරමි.