කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට අනුයුක්ත රාජ්‍ය බුද්ධිඅංශ නිලධාරියෙකු රුපියල් මිලියන 9.1 ක් වටිනා රත්තරන් තොගයක් තම දනහිස් ආවරණයේ සගවාගෙන යාමට උත්සහ දැරීමේදී අද (18) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සදහන් කලේ මෙලෙස අත්අඩංගුවට ගත් බුද්ධි අංශ නිලධාරියා පැමිණීමේ පර්යන්තයෙන් පිට වීමට උත්සහ දැරීමේදී කිලෝග්‍රෑම් 2ක පමණ රත්තරන් සමග අත්අඩංගුවට ගත් බවයි.
ඊයේ රාත්‍රී 9.15ට පමණ සිංගප්පූරුවේ සිට පැමිණි UL 309 යානයෙන් මෙරටට පැමිණි මගියෙකු විසින් මෙම රත්රන් තොගය ගෙනෙවිත් ඇති අතර මේ වන වට එම පුද්ගලයා අතරුදහන්වී ඇති බවත් ජයරත්න මහතා වැඩිදුරටත් පවසා සිටිනවා.
http://www.adaderana.lk ඇසුරිණි.