මිස් වර්ල්ඩ් තරඟාවලියට කැරපොතු ප්‍රහාරයක්

0
235

ද ඉස්ලමික් ඩිෙෆන්ඩර්ස් ෆරන්ට් – ඉස්ලාමය ආරක්ෂා කිරීමේ පෙරමුණ  විසින් ඉන්දුනීසියාවේ  ‘හායත්’  හෝටලයේ පැවැත්වීමට නියමිත ලෝක අවිවාහක රූ රැජින තරගයේ වැඩසටහනක් සඳහා  විරෝධයක් පැවැත්වූහ.  මෙම විරෝධය එල්ලකරමින් ඔවුන් තර්ජනය කර ඇත්තේ මෙම  රූ රැජින තරගෙයේ කෙබදු වැඩසටහනක් මෙම හෝටලයේදී පැවැත්වුවහොත් ඔවුන් එම හෝටලය කැරපොත්තන්ගෙන්  පුරවා අපවිත්‍ර කරන බවයි. එම ක්‍රියාව නීතියෙන් වුව තහනම් කිරීමට නොහැකි බවත් අවශ්‍ය වුවුහොත් පබළු ඇට පවා වීසි කරන බවටද ඔවුන්  තර්ජනය කර ඇත.
ඉන්දුනීසියාව බහුතරයක් මුස්ලිම් ජාතීන් ජීවත් වෙසෙනන රටක් වන අතර කාන්තාවන් පීහිනීම සඳහා අදින ‘ බිකිනිය’ ඉන්දුනිසියාවේ  ඇදීම නීතියෙන් තහනම්ය.මෙම විරෝධය පැවැත්වූ සැප්තැම්බර් 05 වනදා සවස් වනතෙක්ම මෙම අවිවාහක ලෝක රූ  රැජින තරගයට  අනුග්‍රාහකත්වය   සපයන ඉන්දුනීසියානු ජාතිකයාගේ කාර්යාලය වටලාගෙන සිට ඇත. ලෝක අවිවාහක  රූ රැජින 2013 සැප්තැම්බර් මාසය තුළ පැවැත්වෙන  තරගයේ සත්කාරක රට බවට ඉන්දුනීසියාව තෝරාගැනීමට නියමිත වුවද එඔවුහිදී කොන්දේසි රැසකට මෙම තරගයට මහුණ දීමට සිදුවන බව මේ සම්බන්ධයෙන් නැගුන විරෝධය බලපානු ඇති බව  විචාරකයෝ අදහස් දක්වා තිබුණි.  FPI-Protests-in-Hary-Tanoe-Office-For-Miss-World-Event

FPI-Rejects-Miss-World-600x343