මිළ පාලනයක් නැති මිගමුවේ බනිස් වෙළදාම !

0
322
ඔම්ලට් බන් එකක්

dav

(9.15 am ) මීගමුව තුල ඇතැම් බේකරි අයිතමයන් ඉතා ඉහල මිළගණන් යටතේ අලෙවි වෙමින් ඇති බව දැනට කලක සිට අප නිරික්ෂණය කරමින් සිටිමු.
මෙහිලා අද අපට කියන්නට ඇත්තේ ඔම්බලට් බන් එකක් ගැනය.
එහි ඇත්තේ කුඩා බිත්තරයකින් දැමු බුල්සායි එකක් කැරට් කෑල්ලක් සහ මාළු මිරිස් කෑල්ලකි.
මිළ රු 80 කි.
මෙය අලෙවි වෙමින් ඇත්තේ මීගමුවේ  ප්‍රකට බේකරි අයිතමයන් නිෂ්පාදනය කරන සහ ප්‍රකට අලෙවි සැල් ජාලයක්ද පවත්වාගෙන යන ආයතනයක් සතු එක්තරා සුන්දරම තැනකය.
පොදුවේ ගත් කළ මිගමුවේ බේකරි නිෂ්පාදන ආයතනයන් කිපයකට අදාලව මේ ගැටළු පැන නැගි ඇත.ඇතැමුන් පවසන්නේ නිෂ්පාන මිළට අදාල නිතිපතා සිදුවන ඉහල යාම් මේ වැඩිමිළක් ලකුණු කිරිමට හේතුවක් වන බවය.
එය තේරුම්ගතහැකි සාධාරණ එකක් වුවද ඇතැම් අවස්ථා වලදි ඒවායේ මිළ ගණන තින්දු කිරිම අසාධාරණ යැයි එකවිටම හැගෙන තැන්ද ඇත.
එබැවින් මේ ගැන අදාල නිෂ්පාදකයන්ගේ අවධානය යොමුවිය යුතුව තිබේ.