ත්රීවිල්වල ගාස්තු අයකිරිම් පිළිබදව මීගමුවේදි බොහෝ ගැටළු මතුවන අවස්ථා බොහෝය. එයට හේතුව වි ඇත්තේ මේ ගාස්තු අයකිරිම්වලදි නිසි ප්රමිතියක් නොමැති විමයි.
එබැවින් මීගමුවටද මිටර් සවිකරන ලද ත්රිරෝද රථ ඇති කළ යුතුබව අවස්ථා ගණනාවකදිම මීගමුව සංවර්ධන පදනම විසින් යෝජනා කොට තිබුණි.
එහි සභාපති දොස්තර ඉයන් මහතා මේ ගැන මීගමුවේ විවිධ රාජ්ය ප්රධානින්ගේ අවධානයට යොමු කර තිබුණි.
කෙසේ වෙතත් මීගමුව මුලස්ථාන පොලිස් පරික්ෂක වුඩ්ලර් මහතා හෙට දිනයේදි පෙරවරුවේ මීගමුවේ ත්රිරෝද රියදුරන් සදහා විශේෂ රැස්විමක් කැදවා තිබේ.
ත්රිරෝද රථ රියදුරන්ගේ මෙම හමුව මීගමුව බස්නැවතුමේදි හෙට පෙ.ව 10 ට පැවැත්වේ.