මීගමුවටත් මීටර් ත්‍රි රෝද රථ ??

0
61

Meter-Taxiයහපාලනයේ ප්‍රථිපල පොදු මහජනයා අතරට යෑම වලකාලන ක්‍රම සහ විධි බොහෝ වෙති.එහෙත් ඒවා පාලනය කිරිම සදහා රජයට කිසිදු ක්‍රියාකාරි වැඩපිළිවෙලක් නැත.
ගෑස් ඇතුළු බොහෝ දැ වල මිළ අඩුවුවද මීගමුවේ හෝටල්වල රෝල්ස් එකක් දැන් රු 50 කි. කිරි තේ එකක් රු 35 කි.
ඒ මදිවට ත්‍රිරෝද රථ රියදුරන් හිතුමතේ ගණන් අයකරති.විශේෂයෙන්ම මේ උත්සව සමයේ ඇති කාර්යබහුලත්වයද දඩමිමා කරගෙන මේ අය හිතු ගණන් අයකරන්නට පටන් ගෙනය.
මීටර් සවි කරන ලද ත්‍රිරෝද රියකින් රු 65 කට යා හැකි දුරප්‍රමාණයකට මිටර් නැති ත්‍රිරෝද රථ රියදුරන් රු100 ක් අයකරති.
මේවා පාලනයට කිසිදු වැඩපිළිවෙලක් නැති තැන සිදුවනුයේ පාරිහෝගිකයා හා සේවා සපයන්නා අතර ගැටුමකි.
මේ අතර මීගමුවේ ගල්කන්ද හංදිය කේන්ද්‍රකොට ගෙන ක්‍රියාත්මක ත්‍රි රෝද 22 කින් සමන්විත සමිතිය සිය පාරිහෝගිකයන් හට සිය සේවාව  උපරිමයෙන් ලබාදිම සදහා දැන් සියළුම රථවල මීටර් සවි කොට ඇත.
මේ සේවාව මීගමුව පුරා ක්‍රියාත්මක කරන්නට ඒ ඒ සමිති ක්‍රියාත්මක වන්නේ නම් ගුණාත්මක නගරාන්තර ත්‍රිරෝද රථ සේවාවක් ලබාදිය හැකි වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here