මීගමුවටම අද මාළු නෑ…

0
50

මීගමුවේ ප්‍රධාන මාළු ලෙල්ලම් දෙකේම අද දක්නට ලැබුනේ පාළු ස්වභාවයකි.ඊට හේතුව ඊයේට යෙදුන කිතුණුවන්ගේ එක් සුවිශේෂි ආගමික මංගල්‍යයක් නිසාවෙනි.
කිතුණු බුහතරයකින් සමන්විත මීගමුවේ ධිවර ප්‍රජාව එකි විශේෂ ආගමික මංගල්‍ය අවස්ථාවන්හිදි මුහුදු යාමෙන් වැලකි සිටිති.
නිර්දෝශ පිළිසිදිමේ මරිය මවුන්ගේ මංගල්‍යය  යෙදි ඇත්තේ දෙසැ 8 වනදාටය.ඊයේට යෙදුන මේ මංගල්‍ය අවස්ථාව වෙනුවෙන් අද දිනයේ කිසිදු ධීවරයෙක් මුහුදු ගොස් තිබුනේ නැත.
මේ නිසා මීගමුවට මාළු ගැනිම සදහා පැමිණ සිටි මාළු වෙළෙන්දන්ද හිස් අතින් යනු දක්නා ලදි.malu market