මීගමුවට ඉඩම් භාවිතාව ගැන ප්‍රතිපත්තියක් තිබේද?

0
54

FB_IMG_1561798101094
මිගමු ජනතා ඒකාබද්ධ සංවිධානයේ නිවාස හා ඉඩම් අහිමි ජනයා ඉඩම් අයිතිය සඳහා වන PARL සංවිධානයේ මගපෙන්වීමෙන් සැකසුණු ජනතා ඉඩම් කොමිසමට මිගමුවේ ඉඩම් අහිමි ජනයා  තම දුක් ගැණවිලි ඉදිරිපත් කරන හමුවක්.මිගමුව අංක 64 හලාවත පාරේ ජනාවබෝධ කේන්ද්‍රයේදි පැවැත්විණි.

මිගමුවේ ආන්තික ජනතාව දශක ගණනාවක් පුරාවට තමන්ටම යැයි කියා ඉඩමක් අහිමිකම හේතුවෙන් බරපතල ප්‍රශ්ණ රැසකට මුහුණ පා තිබේ.

පසුගිය දශක ගණනාව පුරාවට මිගමුවේ ඉඩම් භාවිතාව පිළිබද ප්‍රතිපත්තිය වි තිබුනේ ලංසා පවුලේ කැමැත්තය

(ලංසා පාලනය විසින් කඩොලාන අක්කර 8ක් කපා විනාශ කළ අයුරු)

මිගමුවෙි කිසිදු බහුජන සංවිධානයක් මේ දුෂිත ප්‍රතිපත්තියට අභියෝග කිරිමට අසමත්විම අද මිගමුවේ අසරණ ඉඩම් අහිමි ජනයා මුහුණ දෙන ප්‍රධානම අභියෝගය වි තිබේ.නිදහසුනක් ලෙසින් ලංසා පාලනය මිගමුවේ කඩොලාන අක්කර 8ක් හිතුමතේ කපා විනාශ කරද්දි මිගමුවේ කිසිදු සිවිල් සංවිධානයක් ඊට එරෙහිව හඬ නැගුවේද නැත.මෙය සැබැවින්ම අවාසනාවන්ත තත්වයකි.