එනම් ආසනය පුරා ඡන්දය ලබාදෙන ලෙස කියා දෙවරක් යනවා තබා ඇතැම් මන්ත්‍රිවරුන්ගේ අත්පත්‍රිකා තවමත් ඇත්තේ කාර්යාලය තුලය.
මේ තත්වය මෙසේ පැවැතියහොත් ඇතැම් ස්ථානවල පෝලිම් නියෝජිතයන් පවා යොදවා ගැනිමට අපහසු වනු ඇතැයි වාර්ථා වේ.
මෙවර ජනපති සටන කරට කර එකකි. එබැවින් එජාපයට උපරිම වශයෙන් ඡන්ද ලබාගැනිමට හැකි තැන්වලදි එය උපරිමය කරා ගෙනයාමට කටයුතු කළ යුතුව තිබේ.
පසුගිය ජනපතිවරණයේදි සැබැවින්ම ගම්පහ දිස්ත්‍රික්කයටද ජයගෙන දුන්නේ මිගමුව ආසනය වැඩිඡන්ද 30000 කින් ජයගත් නිසාවෙනි.
දුර්වල සංවිධායකයෙකු යටතේ අද මිගමුවේ එජාප ජනපති ඡන්ද සටන පවතින්නේ ඉතාමත් දුර්වවල අඩියකය.
මින් ගොඩ එන ගමක් පක්ෂ නායකයින් නොසිතන්නේ නම් එය ඛේදවාචකයක්ම වනු ඇත.
මේ පසුබිම යටතේ ඇති එකම විසදුම වන්නේ මිගමුවට සමසංවිධායෙකු පත්කිරිම බව බහුතර එජාප ක්‍රියාකාරින්ගේ මතයයි.
කාවින්දගේ නායකයත්වයට දැන් වැඩියෙන්ම එරෙහිවෙමින් සිටින්නේ ඔහු මිගමුවට ගෙනඒමට කටයුතු කරන ලද නඩයමය.