මීගමුවට ගෙන ආවලු පැණි බේරෙන මූතූර් පලු

0
432

IMG-20190606-WA0020

පලතුරු වැඩියෙන් හටගන්නා කාලයට විවිධ පළාත් වලින් විවිධ වර්ගයේ පලතුරු ගෙනැවිත් විකුණන වෙළඳුන් පැමිණ මගතොටේ ඒවා විකුණන ආකාරය අපට නිතර දෙවේලේ දැකිය හැක. මේ පලතුරු අතර රඹුටන්, මාදන්, ගඩුගුඩා, පේර ආදී වශයෙන් විවිධය. මෙවර මීගමුව, කටාන වැනි ප්‍රදේශවලට ගෙනැවිත් වෙළාඳාම් කරන්නේ ඉතා රසවත් පලතුරක්වූ පලුය. මේවා මිහිරි රසයකින් යුතු වන අතර ලංකාවේ රටඉඳි යනුවෙන්ද හඳුන්වයි. මෙකී පලතුර විකුණන වෙළෙන්දෙකු අපට මුණ ගැසෙන්නේ ආඬිඅම්ලම ගම් ප්‍රදේශයේදීය. නමින් රසික නිරෝෂන් වූ මෙම තරුණයා ලඟ නතරවී පලුගෙඩියක රස බැලුවේ අහම්බෙන් ලැබුනු අවස්ථාවක් වූ හෙයිනි. දරුවන් දෙදෙනෙකුගේ පියෙකුවන මොහු තම පවුලේ නඩත්තුව කරගෙන යන්නේ මේ පලතුරු වෙළඳාමෙනි. වසර 15 ක් තිස්සේ මෙම පලතුරු විකිණීම කරන බව රසික අප සමඟ පවසයි. ඒ අනුව ඔහු අප සමඟ කෙටි කථාබහක යෙදුනේ මෙසේය.

කොහොමද මේ පලු මූතූර් වල ඉඳල මීගමුව වැනි ප්‍රදේශ වලට එන්නෙ?

මම මොරටුවෙ. මුතූර් කැලෑවල තමයි මේ පලු හැදෙන්නෙ. හැබැයි මේ පලු මූතූර් කැලෑවෙ ඉඳල මොරටුවට එනව. ඒ ආවට පස්සෙ අපි ලොරියක පටෝගෙන ඇවිත් මේ විදිහට පාරෙ තියාගෙන විකුණනව. අපි නොයෙක් පළාත්වලට ගෙනිහිල්ල පලතුරු විකුණන අය. සමහර වෙලාවට ත්‍රීකුණාමලයටත් යනව.

කෙහොමද මේ පලුවල මිල ගනන්.

කිලෝ එකක් ගන්නෙ රු. 600/කට වගේ. අපි කිලෝ එකක් විකුණන්නෙ රු. 700/ කට. අපිට කිලෝ එකකින් රු. 100/ ක් තියෙනව. කිලෝ 30ක් ගෙනාවොත් 20ක්වත් විකිණෙනවා. ඒ කියන්නෙ රු. 2000/ ක් විතර දවසකට තියෙනව.නමුත් මේකට පාන්දර නැගිටල වැඩේ පටන් ගන්න ඕනෙ. දැනට අපි හයදෙනෙක් විතර මේ රස්සාව තමයි කරන්නෙ.

එකිනෙකාට පලු අරිමින් ඉන්නවට වඩා දෑතේ වීරියෙන් යමක් හරිහම්බ කරගෙන ජීවත්වෙන එක කොතරම් වටිනවාද කියන පනිවිඩය මේ පලුවෙළෙන්දා අපට ලබාදෙන අතර වසර 15ක් වැනි කාලයක් අඛන්ඩව මෙම රස්සාවේ නියැලෙමින්, තම දරුවන් පාසැලට යවා ඉගැන්වීමේ කටයුතුද කරමින් ඔහු දෙන ආදර්ශය ඉතා වැදගත් නොවේද?