” රාණි ”  චිත්‍රපටයේ නළු නිළියන් හමුවේ සංවේදි වූ , අතුරුදහන් වූවන්ගේ මව්වරුන්

0
162

WhatsApp Image 2025 02 10 at 09.59.28 e2388b29

 

1989 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන්  මාධ්‍යවේදී රිචර්ඩ් ඩී. සොයිසා  පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සංවේදජනක සිදුවීම පාදක කරගනිමින් අශෝක හඳගම නිර්මාණය කළ ” රාණී ” චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් ඊයේ එනම් 2025/ 02/ 09 වැනි ඉරු දින සවස මීගමුව ” ඇක්වා  ලයිට් ”  සිනමා හලේදී ප්‍රදර්ශනය කෙරිණි.

මෙම විශේෂ සිනමා දර්ශන වාරය සඳහා  මෙම චිත්‍රපටයේ ප්‍රධානතම චරිතය වන මාධ්‍යවේදී රිචඩ් ඩි. සොයිසාග්  මව⁣ එනම් විශේෂඥ වෛද්‍ය මනෝරාණි සරවනමුත්තු මහත්මියගේ චරිතයට පණ පොවන  සිනමා නිලි ස්වර්ණා මල්ලවාරච්චි මහත්මිය සහ මෙම චිත්‍රපටය නිෂ්පාදනය කළ ලයිකා ප්‍රොඩක්ෂන් ආයතනයේ උප සභාපතිනි ජනකි විජයරත්න මහත්මිය  ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගි වූහ.එමෙන්ම මෙම චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වන ලලිත් ප්‍රියන්ත, අශාන් ඩයස් ,සහ මයුර කාංචන ආදී කලාකරුවන් කිහිප දෙනෙකු ද මේ  අවස්ථාවට ආරාධිත අමුත්තන් ලෙස සහභාගි වූහ.WhatsApp Image 2025 02 10 at 09.59.29 5fdd150b

මෙලෙස ඊයේ , සවස මෙම රාණි චිත්‍රපටයේ විශේෂ සිනමා දර්ශන වාරය තිරගත වීමට පෙරාතුව මීගමුව ඇක්වා ලයිට් සිනමා හලේ එළිමහන් පරිශ්‍රයට ” අතුරුදහන් වුවන්ගේ  පවුල් එකතුව ” නම් සංවිධානයේ මව්වරුන් පිරිසක්ද පැමිණ සිටියහ.. එහිදී එම මව්වරුන් අතුරුදහන් වූ තම දරුවන්ගේ සහ තම ඥාතීන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් එම අතුරුදහන් කිරීම් වලට එරෙහිව යුක්තිය ඉල්ලා සිදුකරන දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පැවැත්වීය. ඒ අනුව චිත්‍රපටය නැරඹීමට පැමිණ සිටි ප්‍රේක්ෂක ජනතාව වෙත අත්පත්‍රිකා බෙදා දීම සහ දැනුවත් කිරීමක්ද එහිදී අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුවේ මව්වරුන් සහ එම සංවිධානයේ කැඳවුම්කරු බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා විසින් සිදු කරන ලදී.

එමෙන්ම මෙම විශේෂ සිනමා දර්ශන වාරය සඳහා ආරාධිත අමුත්තන් ලෙස පැමිණි සිනමා නිළි ස්වර්ණා මල්ලවාරච්චි මහත්මිය සහ ලයිකා ප්‍රොඩක්ෂන් ආයතනයේ උප සභාපතිනි ජානකී විජේරත්න මහත්මිය සහ සෙසු කලාකරුවන් ද මෙම මව්වරුන් පිරිස හමුවට පැමිණ ඔවුන් සමඟ ඉතා සුහදශීලීව කතා කරමින් ඔවුන්ට සවන් දෙන ආකාරය දැකගත හැකි විය.  එහිදී එම මව්වරුන් මෙම කලාකරුවන් ඉදිරියේ තම අතුරුදහන් වූ දරුවන් සහ ඥාතීන් පිළිබඳව ඉතා සංවේදී ජනක ආකාරයෙන් කතා කරනු දැකගත හැකි විය. එමෙන්ම චිත්‍රපටය තිරගත වීමට පෙර පැමිණ සිටි පිරිස ඇමතූ මෙම ආරාධිත නළු නිළියන් පවසා සිටියේ මෙම අවස්ථාවට සපැමිණිව සිටින මේ අතුරුදහන් වූවන්ගේ මව්වරුන්ගේ කතාවන් ඇසූ විට මහත් සංවේදීතාවයක්, සහ කනගාටුවක් ඇතිවන බවයි. කලාකරුවන් ලෙස තමන්ට ඔවුන් වෙනුවෙන් යුක්තිය  සාධාරණය ඉටු කිරීමට නොහැකි වුවත්, මේ මව්වරුන්ගේ සංවිදජනක කතාවන් තම කලාව තුළින් මුළු ලෝකයටම පවසන බව ඔවුන් එහිදී ප්‍රකාශ කළහ. ඒ අනුව මෙම අවස්ථාවට  ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගි වූ මෙම කලාකරුවන් පිරිස  එම මව්වරුන්ටද “රාණි” චිත්‍රපටයේ මෙම විශේෂ දර්ශන වාරය නැරඹීම සඳහා ආරාධනා කළහ.

WhatsApp Image 2025 02 10 at 09.59.23 3489f53e WhatsApp Image 2025 02 10 at 09.59.26 0697199e WhatsApp Image 2025 02 10 at 09.59.24 c80e9e26

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here