මීගමුවට රෝහලට කෙලින් වැඩකරන අධ්‍යක්ෂකවරියක් !සැමගෙන් පැසසුම් !

0
100

hospital 1මීගමුව රෝහල පසුගිය කාලය පුරාවටම විවිධ හේතු අරභයා පුවත් මවන තැනක් බවට පත්ව තිබුණි.
අවසනාවකට ඒ බොහොමයක් පුවත් ගමටත් රටටත් කියා තිබුනේ රෝහලේ ඇති බරපතල ප්‍රශ්ණ පිළිබදවය.
වෛද්‍යමය නොසැලකිල්ල මේ අතර ප්‍රධානතම කරුණක් වි තිබුණි.
මේ නිසාම අම්මෝ මීගමුව රෝහලට නම් යන්න එපා රාගමට හරි කොළඹ හරි ගෙනියන්න කියන තත්වයක් මීගමුවේ අවට පැතිර තිබුණි.
වැරදි කතකගේ කකුලක් කපන්නට සිදුවු පුවත මුලුමහත් ලංකාවේ ම සංවාදයට බදුන් වුයේ වෛද්‍යමය නොසැලකිල්ලේ බරපතල කම ගැන යළිත් වරක් සමාජයේ අවධානයට ගෙන එමිනි.
මීගමුව රෝහල ගැන පසුගිය කාලය තුල අහන්නට ලැබුණ අවසානාවන්තම සිද්ධිය වුයේ නිදහස් වෙළද කලාපයේ යුවතියක්  බලහත්කාරයෙන් දුෂණය කොට රෝහලේ 6 වන මහලෙන් බිමට ඇද දමා මරණයට පත්කිරිමේ සිදුවිමයි.
පසුගිය දශකයකටත් වඩා කාලයක් තුල මීගමුව රෝහලේ පරිපාලනය සම්බන්ධයෙන් බොහෝ අවස්ථාවල තිබුනේ දුර්වල තත්වයකි.එයට හේතුව තිබුනේ රෝහල් පරිපාලනය හැම විටම පැවරි තිබුනේ වැඩබලන තනතුරකටය.
දැන් මීගමුව රෝහලට ස්ථිර පත්විමක් ලෙස තනතුර හොබවන අධ්‍යක්ෂකවරියක් ලැබි තිබේ.
ඇය රෝහලේ පරිපාලනය විධිමත් කරගෙන යමින් තිබෙන බව වාර්ථා වේ.
විශේෂයෙන්ම රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සිට සියලු දෙනාමට අදාල දැන් නීතිය ක්‍රියාත්මක වෙමින් තිබේ.
මීගමුව රෝහල දැන්වත් එහි ඇති පිහිටිමේ වැදගත්කමට නිසි සාධාරණයක් කරමින් ඉහලට ඔසවා තබාන්නට නව අධ්‍යක්ෂකවරියට හැකිවෙතැයි අප විශ්වාස කරමු.