මීගමුවට සෞඛ්‍ය සම්පන්න ආපන ශාලා ඇතිකිරිමට MOH කාර්යාලය අකමැති ඇයි ?

0
51
Unicode
Unicode

කොළඹ නගරයේ ලියාපදිංචි ආපනශාලා පහසුවෙන් හඳුනා ගැනීමට හැකිවන පරිදි අදාළ ආපන ශාලාවලට විශේෂ පුවරුවක් හඳුන්වාදීමේ වැඩසටහනක් ආරම්භ කෙරෙන බව කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය දිනක පවසා තිබුණි.
එයට  අනුව සෞඛ්‍ය ආරක්ෂිතව ආහාරපාන පිලියෙළ කරන භෝජනාගාර හඳුනාගෙන එ්වාට පමණක් මෙම ලියාපදිංචි පුවරුව ලබාදෙන බවයි කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ. එ් පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක් වූ එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා.
කොළඹ නගරය තුළ ජිවත් වෙන සහා දිනපතා පැමිණෙන ලක්ෂ 05ක පමණ ජනකායක් තමන්ගේ අහාර අවශ්‍යතාවයන් සපුරා ගන්නවා කොළඹ නගරය තුළ තිබෙන ආපනශාලා වලින්. බොහොමයක්ම ආපනශාල වල තිබෙන සෞඛ්‍ය ආරක්‍ෂිත තත්වය වාගේම මුළුතැන් ගෙවල් වල තිබෙන සනීපාරක්ෂක තත්වය ඉතාම අයහපත් තත්වයක තිබෙන්නේ. ඒවගේම අහර පිරිනමන ප්‍රදේශයේත් අයහපත් තත්වයන් තිබෙන ආපනශාලා ඕනි තරම් තිබෙනවා. මෙහෙදී මහජනතාවට විශාල උවමනාවක් තිබෙනවා හොද ආපනශාලා මොනවද ? නරක අපානශාලා මොනවාද කියලා හදුන්වාදීමේ උවමනාවක් තිබෙනවා.
මෙම පුවරුව හඳුන්වාදීම තුළින් මහජනතාවට සෞඛ්‍ය ආරක්ෂිතව ආහාර ලබා ගත හැකි ස්ථාන පැහැදිලිව හඳුනාගත හැකි බවද වෛද්‍ය රුවන් විජයමුණි මහතා පෙන්වා දි තිබුණි.
පළාත් පාලන රෙගුලාසිවලට අනුව  H 800 වැඩසටහන යටතේ මෙසේ හෝටල් වර්ගිකරණය කළ යුතුව තිබේ.කොළඹ මහනගර සභාව මෙසේ කටයුතු කරන්නට සුදානම් වුවද මීගමුව මහනගර සභාව ඊට කිසිදු සුදානමක් නැත.විශේෂයෙන්ම පෙරියමුල්ල යනු නොනිදන නගරයක් බදුය.දහස් ගණනක් ජනයා මේ හරහා උතුරු දකුණ අතර සැරිසරති.
මේ අතර අවස්ථා ගණනාවකදි පෙරියමුල්ලේ ඇති හෝටල් වලින් සෞඛ්‍යට අහිතකර ආහාර පාන සපයා ඇති බවට තොරතුරු අනාවරණය වු අතර මේ හේතුව නිසා ඇතැම් හෝටල්වලට සීල් තබන්නට සිදුව තිබේ.ඇතැම් අවස්ථාවලදි අනාවරණය වි තිබුනේ ඇතැම් ආහාර වල පණුවන් පවා සිටි බවය.
මීගමුව තුල සෞඛ්‍ය සම්පන්න හෝටල් ස්ථාපිත කිරිමට  මීගමුවේ මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය අකමැති ඇයි ?
2006 වසරේ සිට මීගමුව තුල මේ ගැන සංවාදයක් ගොඩනැගෙමින් තිබුනද අද වෙනතුරුත් එය ක්‍රියාවට නගා නැත.ආහාර 4