මීගමුවත් දැන් හම්බන්තොටක් වෙන ලකුණු ?

0
219

locals-at-negombo-beachශ්‍රී ලංකාවේ සිරි නැරඹීමට පැමිණ මීගමුව සංචාරක පුරයේ මුහුදේ නාමින් සිටි රූමත් ජර්මන් ජාතික කතකට සිය නිරුවත පෙන්නු බව කියන ගුවන් භටයකුට ඇප ලබාදීම ප්‍රතික්‍ෂේප කළ මීගමුව අතිරේක මහෙස්‌ත්‍රාත් තිලකරත්න බණ්‌ඩාර මහතා එම සැකකරු අප්‍රේල් මස 29 වැනි දින දක්‌වා රිමාන්ඩ් භාරයට පැමිණවීමට ඊයේ (25 දා) නියෝග කළේය.

මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇප ප්‍රතික්‍ෂේප වී රිමාන්ඩ් භාරයට පත් සැකකාර ගුවන් භටයා වූයේ මීරිගම පදිංචි සමීර ලංකා රුවන්තිලක නමැත්තෙකි.

එම සැකකරුට එරෙහිව මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් ගොනු කළ පැමිණිල්ල අනුව මෙම සිද්ධියට මුහුණ දුන් ජර්මන් ජාතික කාන්තාව 25 හැවිරිදි රුවැති කාන්තාවකි. ඇය සිය සැමියා සමග සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඔවුන් මීගමුව සංචාරක කලාපයේ සංචාරක හෝටලයක ලැගුම් ගෙන ඇත. පසුව ඔවුන් තමන් නැවතී සිටි සංචාරක හෝටලයට නුදුරින් වූ මුහුදේ නෑමට ගොස්‌ ඇත.

එහිදී විදේශික කතගේ සැමියා මුහුදු වෙරළේ සිටියදී ඇය තනිවම මුහුදේ නෑමට ගොස්‌ ඇත. එම අවස්‌ථාවේ සැකකරු ද මුහුදේ නාමින් සිට ඇත.

පසුව සැකකරු ජර්මන් කතගේ ළඟට පිහිනා ගොස්‌ ඇගේ ශරීරය බලෙන් ස්‌පර්ශ කර ඇත. එම ක්‍රියාව පිළිබඳව දැඩි විරෝධයක්‌ දැක්‌වූ කත සිය අප්‍රසාදය දක්‌වමින් සැකකරුට බැණ වැදී ඇත.

ඉන් අනතුරුව සැකකරු සිය කලිසම පහත් කර ජර්මන් කතට සිය නිරුවත පෙන්වා ඇත.
මේ අතර සිය අතෙහි බුදුරුව සහිත පච්චයක් කෙටු එංගලන්ත ජාතික කාන්තාව මීගමුව බන්ධනාගාරයේ රදවා සිටියදි එහි ආරක්ෂක නිළධාරියෙක් ඇයට අයුතු ලිංගික බලපැම් කළ නිසා මුළු රැයම නිදිවර්ජිතව සිටි බව මාධ්‍ය වෙත පවසා තිබුණි.
සංවාරක ව්‍යාපාරය දියුණු කිරිම වත්මන් රජයේ ප්‍රධානතම ආර්ථික උපාය මාර්ගය වි තිබුනද ලංකාවේ ප්‍රධාන සංවාරක කලාපයන් තුලින් වාර්ථා වන අනාරක්ෂිත තත්වයන් හමුවේ දැනටමත් රටවල් ගණනාවක්ම ලංකාව සංවාරය සදහා අනාරක්ෂිත තැනැක් ලෙස දැනුම් දි ඇත.
හම්බන්තොට මේ අතර විශේෂ තැනක් ගනි. දැන් මීගමුවට මෙය ක්‍රමයෙන් ආදේශ වන්නට පටන්ගෙනය.
මුලාශ්‍රය- ශ්‍රිලංකා මිරර් වෙබ් අඩවිය