( 9.30 am ) මෙවර පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා පත්‍ර 425 කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප වී ඇතැයි ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
මේ අතර මේ දිනවල කථා බහට ලක්ව ඇති නාම යෝජනා ප්‍රතික්ෂේප විම් අතර මිගමුවේද 4 ක් වෙයි . ඉන් ඒකක් වන්නේ මිගමුවේ බලකදවුරකට එකල අඛණ්ඩව නායකත්වයක් සපයා දි තිබුණ එජාපයයි.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාට අනුව, මාර්තු 17 වන දින සිට මාර්තු 20 වන දින දහවල් 12 දක්වා දිස්ත්‍රික්ක 25 ක නාමයෝජනා පිළිගෙන තිබුණි.
“පළාත් පාලන ආයතන 336 ක් සඳහා කණ්ඩායම් 2,900 ක් නාමයෝජනා ඉදිරිපත් කර ඇත. මෙයින් කණ්ඩායම් 2,260 ක් පමණ දේශපාලන පක්ෂ විසින් නම් කරන ලදී,” ඔහු පැවසීය.