මීගමුවෙන් තවත් කොරෝනා ආසාදිතයන් 26 ක් ! මුළු ආසාදිතයන් ගණන 134 ක් දක්වා ඉහලට ..

0
139

PCRමීගමුවෙ තත්වය දිනෙන් දින බරපතල වෙමින් තිබේ. මේ දක්වා 108 ක්ව පැවැති මුළු ආසාදිතයන් ගණන මේ වන විට 134 ක් දක්වා ඉහල ගොස් තිබේ.
ඒ ඊයේ දිනයේ තලාහේන ප්‍රදේශයෙන් සහ වැල්ලවීදිය ප්‍රදේශයෙන් නව ආසාදිතයන් 26 දෙනෙකු හඳුනාගැනිමත් සමගින්ය.
මේ පිරිසේ PCR පරික්ෂණ නොවැ 01 වෙනිදා සිදුකර තිබුණි. පසුගිය දින කිපයක තුල තවත් ප්‍රදේශ ගණනාවක PCR පරික්ෂණ සිදුකර තිබුන අතර ඒවායේ ප්‍රථිපල මේ දක්වා ලැබි නැත.
විශේෂයෙන්ම පසුගිය සෙනසුරදා ධිවර ජැටියේ සිදුකරන්න යෙදුන 50 වැඩි පිරිසකගේ PCR පරික්ෂණ ප්‍රථිපලද තවමත් ලැබි නැති බව වාර්ථාවේ.