මීගමුවෙන් පෑලියගොඩ මාළු වෙළඳ සංකිර්ණයට ගොස් සිටි දෙන්නෙකුට කොරෝනා ..

0
107

1603348521-Fish_Lපෑලියගොඩ මාළු වෙළඳ සංකිර්ණයේ කොරෝනා ආසාදිත පොකුරේ බලපෑම මේ වන විට මිගමුවටත් පැමිණ තිබේ. මිගමුව කුඩාපාඩුව ප්‍රදේශයෙ ධිවර ව්‍යාපාරික තරුණයන් දෙදෙනෙකු මිගමුව රෝහලේ 21 වාට්ටුවේ පසුගිය දිනවල ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර අද ලැබි තිබුන ඔවුන්ගේ PCR පරික්ෂණ ප්‍රථිපල වලට අනුව ඔවුන් කොරෝනා ආසාදිතයන් ලෙසින් හදුනාගෙන තිබේ.වාර්තා වන අන්දමට මේ දෙදෙනා පෑලියගොඩ මාළු වෙළඳ සංකිර්ණය තුල මාළු වෙළදාමේ යෙදි සිටි ඇත.
මේ අසාදිත රෝගින් දෙදෙනා IDH රෝහලට ගෙනයාම සදහා මේ වන විට පියවර ගනිමින් ඇති බව රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි.
මේ අනුව මිගමුවේ කොරෝනා ආසාදිත රෝගින් ගණන 31 දක්වා ඉහල ගොස් තිබේ.
පෑලියගොඩ මාළු වෙළඳ සංකිර්ණයට ගිය තවත් ව්‍යාපාරිකයන් පිරිසක් හෙට ( ඔක් 24 ) දිනයේ මිගමුව පිටිපන මහලෙල්ලම් පරිශ්‍රයේදි PCR  පරික්ෂණ සිදුකිරිමට නියමිතව තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here