මීගමුවේදී අතුරුදහන් වූ ‘ මිදුල්සන් ‘ මිනුවන්ගොඩින් හමුවෙයි

0
115

midulsan  මීගමුවල වැල්ලවීදියේ  , රොසරි  පාරේ  පදිංචි මිදුල්සන්  නම්වූ  වයස  අවුරුදු   14ක්  පමණවූ  දරුවෙකු පසුගිය  අගහරුවාදා ( 3දා ) නිවසින්  අතුරුදහන්වී ඇත.  මොහු   මානසික  වශයෙන්  දුර්වල  දරුවෙක් බව  ඔහුගේ පියා   වන ජූඩ් මහතා පවසයි.    සතියක පමණ  කාලයක්    දරුවා  සෙවීමෙහි  යෙදුනු  නමුත්  ඉන්  පලක්  නොවුණ අතර ඊයේ   (9දා) දෙමව්පියන් ට   මිනුවන්ගොඩ  පොලීසිය   විසින්  දරුවා  හමුවූ  ආරංචිය  දැනුම් දී තිඛේ. පසුගිය 04 වන බදාදා    මිනුවන්ගොඩ නගරයේ දී මෙම පිරිමි දරුවා සිටිනු දැක  ඔහුගේ  ගේ  හැසිරීම   ගැන  සැක  ඇතිවී  අවට  ප්‍රදේශවාසීන්  මිනුවන්ගොඩ  පොලීසියට  ඒබව  දැනුම් දී ඇත.  මේ  අනුව  පොලීසිය විසින්   දරුවා පොලිස්  භාරයට ගෙන   මිනුවන්ගොඩ  පරිවාස  හා  ළමාරක්ෂක  කාර්්යාංරශයට  භාර  දී  ඇති  අතර  පසුව  මිනුවන්ගොඩ  අධිකරණය  මගින්  මාකොල  ළමා  කාර්්යාං ශයේ  රැදවුම්  මධ්‍යස්ථානය    භාරදී තිඛේ. මිනුවන්ගොඩ  පොලීසිය  විසින්  මිදුල්සන්ගේ මාපියන් වෙත දැනුම් දී ඇත්තේ    හෙට  දිනයේදී (11දා)  ගම්පහ  අධිකරණයට  පැමිණ  අදාල  ලේඛන  ඉදිරිපත්කොට   දරුවා   නිදහස්  කරගෙන  යන  ලෙසයි.