මීගමුවේ පාරවල් වල ලයිට් නැතිව මාස 06ක් ?

0
248

මීගමුව නගරයේ බොහෝ පාරවල් වල ඇති ලයිට් කණු වල විදුලි බල්බ් මේ වනවිට ක්‍රියා විරහිතව පවතී1
මීගමුව දළුපත -සිරකදවුර පාරේ ජනතාව දැනට මාස 06ක කාලයක සිට පාරේ ලයිට් නැතිව අදුරේ ගමන් බිමන් යති.ඔවුන් පවසන්නේ  මේ සම්බන්ධයෙන් මීගමුව නගර සභාව වෙත ලිඛිතව ද දැනුම් දී ඇත්තේ මාස 3කට පමණ පෙර බවයි. මේ සම්බන්ධයෙන් මීගමුව නගර සභාව පවසන්නේ වීදි ලාම්පු සදහා ටෙන්ඩර් මිළ ගණන් වලට අනුමත බලබ් එම වෙළදසැල් හි නොමැති නිසා  තවත් මාසයක් පමණ  අලුත් බල්බ් දැමීම ප්‍රමාද වන බවයි.   මීගමුවේ පාරවල් වල ලයිට් නැති නිසා අපහසුතාවයට පත් ජනතාව පවසන්නේ නගර සභාවට  මෙම ලයිට් ප්‍රශ්නය විසදීමට උවමනාවක් තිඛෙනවා නම් අදාළ වෙළදසැල්  වලට පමණක් සීමා නොවි වෙනත් ටෙන්ඩර් කැදවා හෝ කිසියම් විකල්ප මාර්ගයක් අනුගමනය කර මෙම ප්‍රශ්නය විසදිය නොැහැකි ද යන්නයි. මන්ද මෙම අනුමත ටෙන්ඩර් මිළට හෝ එම වෙළදසැල් වලින් බල්බ් මිළදී ගැනීමට සිටියහොත් නගරය තව කොපමණ කාලයක් අදුරේ තැබිමට සිදුවනවාද යන ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට කිසිවෙකුත්  මේ වනතෙක් සමත් වී නොමැත.

.මේ ඡායාරූපයෙන් දිස්වන්නේ  මීගමුව ආර්පිකෝ එක අසලින් ආරම්භ වී රාජපක්ෂ
උද්‍යානය දෙසට දිවෙන මාර්ගයේ හමුවන තුංමං හන්දියයි. එම ස්ථානයේ විශාල වාහන ප්‍රමාණයක් ගමන්කරන අතර රාත්‍රියේදි අදුරේ ඇති ආකාරය ඡායාරූප වලින් දිස්වේ. මාර්ගය දෙපස විදුලි කණු වල පහන් දැල්වී නොමැත.