මීගමුවේ මීටර් නැති මීටර් ටැක්සි

0
456

meter-taxi-tuk-colomboඅද දහවල් (06) මීගමුව  රීගල් සිනමා ශාලාවට දකුණු පසින් ඇති ත්‍රීවීල් රථ ගාලෙන්  කෙටි දුරක් යාම සදහා ත්‍රීවිල් රථයකට නැග්ගෙමි. එහි මීටර් ටැක්සි කියාද පුවරුවක් සවිකර තිබුණි. නමුත් මීටරයක් නාමැත. මම මෙයට හේතුව විමසුවෙමි. ත්‍රිවිල් රථ රියදුරා පවසන්නේ ඒවා හයිකළාම  නැවතිලා ඉන්න වෙලාවට ගෙවන්නේ කවුද කියායි. එයට විසදුමක් මීටරයේ ඇති බවත් මම ඔහුට දැනුම් දුන්නෙමි. ඔහු කීවේ මම දැන් අවරුදු 10ක් මෙතන ත්‍රීවිල් එළවනවා කවුරුවත් මීටර් ගැන අහන්නේ නෑ කියායි. එහෙත් එහෙනම් ඇයි මීටර් ටැක්සි කියා පුවරුවක් සවිකරගෙන ඉන්නේ. මම ඇසුවෙමි. ඒ වුණාට කවුරුත් මගෙන් අහන්නේ නෑ  යැයි ඔහු පැවසුවේය.
මේ ආකාරයට මිගමුව  නගරයේ ඇති සමහර ත්‍රිවිල් පාක් වල ඇති ත්‍රීවිල් වල මීටර් සවි කර ඇතත් ත්‍රීවිලයට ගොඩවී  මීටරය වැඩ කරනවාද යන්න ඇසූ විට පවසන්නේ මිටරය කැඩිලා කියායි.   පාරිභෝගිකයින් ලෙස අප මහත් අසරණ තත්ත්වයට වැටෙන අවස්ථා ඇති අතර ත්‍රීවිල් රියදුරන් අවස්ථාවෙන් පළ නෙලා ගන්නට බලාහිදියි.  කොපමණ දුරක් ගියත් සාධාරණ ගානක් ගෙව්වා යන හැගීම අපට ඇතිවන්නට නම් මීටරක් අනිවාර්්‍යයෙන්ම තිබිය යුතුය.
පාරිභෝගිකයන් වන අපට රුපියල් 75ක දුරකට  රු 150ක් ගෙවන්නට සිදුවේ. මේ සම්බන්ධයෙන් සොයා බලා වගකිවයුත්තන් පියවරක් ගත යුතු නොවේද?


පතිමා කෘෘස් –  කඩොල් කැලේ