මීපුර වෙබ් අඩවියට අදහස් දක්වමින් ඔවුන් කියා සිටින්නේ කුඩා බෝට්ටුකරුවන් විසින් ක්රියාත්මක කරනු ලබන විවිධ අන්දමේ තහනම් පන්න ක්රම නිසා තමන්ගේ සම්ප්රදායික රැකියාව දැන් අර්බුදයට යමින් තිබෙන බවය.
විශේෂයෙන්ම දැනට කලක පටන් ක්රියාත්මක වන ඩිස්කෝ දැල් යනුවෙන් මෙම ධිවරයන් විසින් හදුන්වනු ලබන රැකියාව නිසා තමන්ගේ ඉස්සන් රැකියාව අනතුරට වැටි ඇතැයි කියයි.
තමන් රජයෙන් කිසිදු සහනයක් නොඉල්ලා තමන්ගේ රැකියාව කරගෙන යන පසුබිමකදි රජය තමන්ට මුහුණ දෙන්නට සිදුව ඇති ප්රශ්ණ ගැන මීට වඩා අවධානයක් යොමුකළ යුතුව ඇතැයි ඔවුන් අවධාරණය කරති.