මීගමුවේත් මාළු මිළ පහල යන ලකුණු…

0
892

උතුරු ⁣නැගෙනහිර පළාත් වල බහුල වශයෙන් මසුන් අල්ලාගෙන ඇති බැවින් අද (14) දිනයේදි මාළු තොග විශාල ප්‍රමාණයක් මිගමුවේ පිටිපන දූව ලෙල්ලමට පැමිණිමට ඉඩ ඇතැයි ධිවර ව්‍යාපාරිකයෝ කියා සිටිති.
ඊයේ ( 13 ) දිනයේදිද මාළු තොග රැගත් ලොරි පැමිණ තිබුන අතර ඒවා බොහොමයක් පැමිණ තිබුනේ ප්‍රමාද වි උදේ 8 ට පමණ විම නිසා අලෙවි සදහා යොදා ගැනිමටද නොහැකිව තිබුණි.

හුරුල්ලන් කිලෝවක් රු 500කටද , කුම්බලාවන් කිලෝවක් රු 600 කටද ලින්නා රු 650 කටද අලවි වු අතර පරවුන්ගේ මිළ බෙහෙවින්ම පහල වැටි තිබුණි.වෙනදා කිලෝවක් රු 1400 ක් පමණ වු පරවුන් ඊයේ දිනයේ අලෙවි වුයේ රු 800 කටය.