මීගමුවේදි වාහන ගිණි තැබු පුද්ගලයා අත්අඩංගුවට !

0
51

IMG-20190821-WA001819 දින  පෙරියමුල්ල  ප්‍රදේශයේ   වාහන  4කට  ගිනිතැබීම  සම්බන්ධව  අදාල  පුද්ගලයා  අත්අඩංගුවට  ගැනීමට  හැකිවී  ඇති  නමුත්    එයට  හේතුවූ  කරුණු  පිළිබදව  කිසිවක්  මතුකර  ගැනීමට  තවමත්  හැකිවී  නොමැත.  මෙම  ක්‍රියාව  සිදුකල  පුද්ගලයා  වැල්ලවීදිය  ප්‍රදේශයේ  පදිංචි  ලක්මාල්  නම්වූ  දෙදරු  පියෙකි .  රැකියාව  ලෙස විවිධ  කුලී  වැඩ  කරන  ඔහු  ස්ථිර  රැකියාවක්  නොකරයි.   මෙදින  පාපැදියකින්    වැල්ලවීදිය  ප්‍රදේශයේ  සිට  පැමිණ      කිසිදු  සම්බන්ධයක්  නැතිව    කරන ලද  මෙම  ක්‍රියාව  කිරීමට  තරම්  පෙළඹවීමක්  ඇති වන්නේ  කවරෙකුගේ  හෝ  උසිගැන්වීම  මත  මිස  ඔහුගේ  තනි ක්‍රියාවක්  ‍මත  නොවන බව  මෙම  පුෂ්පා  ප්‍රවාහන  සේවයේ  හිමිකරුවන්  පවසයි.  එකී  කාරණය  සත්‍ය නම්   මෙය   නැවත  වරක්  පටු  ජාතිවාදී  වුවමණාවන්  ඉටුකරගැනීමේ   පාපතර  හැඟීම  පහලවූ  අයෙකුගේ  වුවමනාවක්  විය යුතුය.  පසුගිය  කාල වකවානුව  තුළ  මතුවූ  සිදුවීම්  හරහා  අපට  උගන්වා  ඇති  පාඩම  එයයි.  එහි  පිටුපස  සිටියේ  කව්දැයි  මේ වනවිට  ප්‍රසිද්ධ  රහසකි.

නමුත්  මෙය  සිදුකළ  පුද්ගලයාගේ   බිරිඳ  ප්‍රකාශ කරන්නේ  බීමත්කම  නිසා  මෙය  සිදුවී  ඇති බවයි.  නමුත්  CCTV  කැමරා  වලින්  පෙන්නුම්  කරන  ආකාරයට  ඔහු  හැසිරී  ඇත්තේ  බීමත්  අයෙකු  ලෙස  නොව.  එසේම  ගිනිගත්  අවස්ථාවේ  ඔහුද  ගෙදර  අය  සමඟ  මෙම  ගින්න  නිවීමටද  සහයෝගය  දී  ඇත. මෙකී  කරුණු  වලින්  කුමක්  කීවද  පොලීසිය  විසින්  තවමත්  මේගැන  පරීක්ෂණ  කරන  බැවින්  නිෂ්චිත  තත්වය  අවබෝධ  කරගතහැක්කේ  ඉන් පසුවය. මෙම  සිදුවීම  විසින්  විවිධ  අදහස්  සමාජය  තුළට  කාන්දු  විය  හැක .  ඒ  නිසා  මේ  පිළිබඳ  සත්‍ය  සමාජයට  හෙලිකිරීම  වැදගත්බව  අප  විශ්වාස  කරමු.

Journalist
www.meepura.com

Show quoted text