ඒ වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රිමාල් අමරසිංහ මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුවය.
ඒ ලක්ෂ 5 බැගින්වු ශරිර ඇප දෙකක් මතය.
යළි නඩු විභාගය මැයි මස 18 වෙනිදා කැදවිමට නියමිතය.
මේ අතර සුනඛ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වි ඇති විශ්‍රාමික පොලිස් අධිකාරි ක්ලේමන්ට් ප්‍රනාන්දුගේ නිවසේ සිට එල්ල කර ඇති වෙඩිපහරකින් සුනඛයා ඝාතනය වි ඇති බවට සාක්ෂි CCTV දර්ශනවල සටහන්ව ඇත.මේ සුරතලාගේ හිමිකරු වන මානව හිමිකම් ක්‍රියාකාරියෙකු වන බ්‍රිටෝ ප්‍රනාන්දු විසින් මෙකි CCTV දර්ශණ මිගමුව පොලිසියටද පෙන්වා ඇත.
ක්මෙන්ට් ප්‍රනාන්දුගේ නිවසින් එල්ල වු වෙඩි පහර කාගෙන මේ සුරතලා මරු විකලෙන් දුව යන අයුරු එහි සටහන්ව ඇත.
කෙසේ වෙතත් වෙසක් පෝ දිනයේ සිදුකර ඇති මේ ම්ලේච්ජ ඝාතනය සහ එය සිදුකළ තැනැත්තාට එරෙහිව දැවැන්ත විරෝධයක් සමාජ මාධ්‍ය ඔස්සේ දැනමටත් මතුව තිබේ.
සත්ව අයිතින් වෙනුවෙන් පෙනි සිටින සංවිධාන ගණනාවක්ද මේ තිරිසන් ඝාතනයට එරෙහිව මැදිහත්ව තිබේ.