මීගමුවේදී , කිලෝ 50 ක් බර අමුතු මාළුවෙක්

0
129

නොවැම්බර්  16 වැනි දා උදෑසන මීගමුව වරායට සේන්දු වූ බහුදින යාත‍්‍රවකින් ගොඩ බාන ලද , මත්ස්‍යයන් අතර සිටි මීගමුවේදී මෙතෙක් දක්නට නොලැබුනු කිලෝ 50 ක් පමන බරැති විශාල මත්ස්‍යයෙකු දැකගත හැකි අති දුර්ලභ අවස්ථාවක් උදා විය. සාමාන්‍යයෙන් අප දැක ඇති කුඩා කාරල්ලා නැමැති මත්ස්‍යාගේ හැඩ රුවට සමාන කමක් ඇති මෙම විශාල මත්ස්‍යයාව මීගමුවේ ධීවර පිරිසක් විසින් හැඳින්වුයේ කාරල්ලා මාළුවෙක් යනුවෙනි.

මෙම මත්ස්‍යයාගේ ඇති වරල් වැනි ස්වභාවයෙන් යුත් කොටස් 04 ක් තද තැඹිලි පැහැයෙන් යුක්තය.
විශාල බරකින් යුත් මෙවැනි මත්ස්‍යයින් මීගමුවේදී දැක ගත හැකි නොවුනත් කොළඹ මත්ස්‍ය වෙළඳ පොලේදී සමහර අවස්ථාවලදී දැක ගත හැකි අතර මෙම මත්ස්‍යා හදුන්වන්නේ ” මූන් පිෂ් ”  යනුවෙන් බවත් තවත් ධීවර පිරිසක් පැවසීය. මෙම මත්ස්‍යයාව මිලදී ගත් පුද්ගලයා අපට පැවසුවේ  රුපියල් 2500 කට තමන් මිලදී ගත් මේ මත්ස්‍යයා කරවල පිනිස වේලීමට රැගෙන යන බවයි. මෙය කරවල බවට පත් නොකර මාළු ලෙස ආහාරයට ගැනීම පාරිභෝගිකයින් විසින් ප‍්‍රතික්ෂේප කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
ඈත දියඹේ ගල් පතර සිට අල්ලා ගත් මේ මත්ස්‍යයා ගල් මාළුPB160321 copyPB160303 copy වර්ගයට අයත් මත්ස්‍යයෙක් බවද මෙහිදී ප‍්‍රකාශ වුණි.

ඡායා සහ විස්තර – සුසිල් ප්‍රසන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here