මීගමුවේ අධ්‍යාපන බලධාරින් ආගමටයි ,දේශපාලනයටයි යටවෙලාද ?

0
113
from Google
Negombo in 1976 – Newstead Girls College, education in rhythmic gymnastics

(1.00 am ) මීගමුව අධ්‍යාපනය අතින් දිගින් දිගමට පිරිහිමකට ලක්වෙමින් ඇති බස්නාහිර පළාතේ එක් ප්‍රධාන කලාපයකි.මෙයට ප්‍රධාන හේතුව ලෙස සැලකෙන්නේ ආගමෙන් සහ දේශපාලනයෙන් විදුහල් පරිපාලනයට සිදුකරන  අන්‍යවශ්‍ය ඇගිලි ගැසිම්ය.
පැවැති රාජපක්ෂ සමයේ පාසැල් පද්ධතිය එහෙම පිටින්ම දේශපාලනඥයන්ගේ දාම් ලෑල්ලක් බවට පත්ව තිබුණි.
මේ නිසාම වපුරන හැටියට කපමින් විභාග ප්‍රථිපල අතින් වසරින් වසර පිරිහිමකට ලක්වෙමින් තිබේ.
මේ දේශපාලන ඇගිල ගැසිම් වලට නොදෙවෙනි අන්දමට ආගම්වල බලපෑමද විය.
මේ බොහොමයක් බලපෑම් කතෝලික පල්ලිය පැත්තෙන් එල්ලවි තිබුණ අතර මුස්ලම් ආගම ප්‍රමුඛව පවතින පාසැල්වලද ඇතැම් ප්‍රශ්ණ මතුව තිබුණි.
යහපාලනය තුල මේ තත්වය වෙනස් වියයුතුව තිබුණද මීගමුවේ අධ්‍යාපන බලධාරින් තවමත් කටයුතු කරන්නේ විවිධ බලපෑම්වලට යටත්වය.
මේ ඇතැම් ස්ථානවලදි කතෝලික පල්ලියේ බලපෑම ඉතාමත් අශෝභන ආකාරයෙන් වු බවට උදාහරණ කිපයක්ම අප සතුය.
දැන් ස්වාධින කොමිසම් පත්කර තිබේ.මේ නිසාම අධ්‍යාපන බලධාරින් කිසිවෙකුටත් යටත් විය  හෝ බිය විය යුතු නැත.
එහෙත් අවාසනාවක මහත මේ උසස් නිළධාරින් තවමත් කටයුතු කරන්නේ කශේරුකා නැතිවුන් සේය.
මේ තත්වය මීගමුව යළිත් කිසිවිටකත් පත්කළ යුතු නොවේ.
එවැනි අමන දැ සිදුවන්නේ කම් අප ඒවා කොන්දේසි විරහිතව තරාතිරම නොබලා හෙළිදරව් කරන්නෙමු.යහපාලනයට පස්ස පැත්ත පෙන්වන්වන්නට  කිසිවෙකුටත් ඉඩදිය යුතු නැත.
අප බලාසිටිමු.