මීගමුවේ අධ්‍යාපන බලධාරීන්ටත් පාලනය කල නොහැකි අල්ෆලාල් විදුහල්පති ධුරය ?

0
45

 

මීගමුව අධ්‍යාපන කොට්ඨාශයේ පිහිටි ප්‍රධානතම දෙමල මාධ්‍ය විදුහලක් ලෙස පිලිගැනෙන පළ`ගතුරේ අල් ෆලාල් විදුහලේ විදුහල්පතිවරයා වු මොහොමඩ් ජෙසීම් මහතා අද දින එනම්  ඔක්තෝබර් 10 වැනි දින එම විදුහලෙන් මාරු වීමක් ලබා ගෙන ඇත. එලෙස සිය කැමැත්නේම මාරු වීමක් ලබා ගෙන මේ විදුහල්පතිවරයාට මෙම පාසලෙන් නික්ම යාමට සිදු වුයේ මෙම පාසලට මීට මාස 06 කට පමන කලින් මීගමුව අධ්‍යාපන කොට්ඨාශයේ වෙනත් දෙමල මාධ්‍ය පාසලක සිට පැමිණි එක් ගුරුවරයෙකුගේ සහ ඔහුට සහය දක්වන කල්ලියකගෙන් සිදුවන බලපෑම හේතුවෙන් බවද වාර්තා වේ. මේ ගුරුවරයාගේ සහ එම කල්ලියේ ඉල්ලක්ය වී ඇත්තේ එම ගුරුවරයාට කෙසේ හෝ මෙම විදුහලේ විදුහල්පති ධුරය ලබා ගැනීමය. වසර 10 ක් නොවැඩි කාලයක් එකම පාසලක සේවය කරමින් සිටි ගුරුවරුන්ට මෑතකදී අධ්‍යාපන බලධාරීන් විසින් ලබා දෙන මාරුවීමේ ප්‍රතිපත්තියක ප්‍රතිඵලයක් ලෙස මෙම ගුරුවරයා මෙම පාසලට පැමිණ තිබේ. වැඩිදුරටත් වාර්තා වන පරිදි මෙම ගුරුවරයා මෙම පළ`ගතුරේ ගම් ප්‍රදේශයේම පුද්ගලයෙක් වන අතර ඔහුට සහය දක්වන මෙම කල්ලිය විවිධ බලපෑම් සිදු කරමින් මෙලෙස මාරුවීම් ලබා යන විදුහල්පතිවරයාට එම පාසලේ කටයුතු කර ගෙන යාමට නොහැකි වන සේ විවිධාකාර බාධාවන් සිදු කර තිබේ. වසර 02 ක් වැනි කාලයක් මෙම පාසලේ විදුහල්පති ලෙස කටයුතු කල මොහොමඩ් ජෙසීම් මහතාට පෙර කී කල්ලිය නිසා තම රාජකාරියට සිදු වූ බාධාවන් පිලිබ`දව පැමිනිලි කිරීමට පොලිසියට යාමටද සිදු විය.

මෙවැනි අයහපත් තත්වයක් පාසලේ නිසි සංවර්ධනයට විශාල මරු පහරකි. මෙලෙස සිය කැමැත්නේම මාරුවිම් ලබා යන මොහොමඩ් ජෙසීම් මහතා පසුගිය කාලයේදී මෙම පාසලේ සංවර්ධනයට මුලික වී ඒ ස`දහා විශාල වැඩ කොටසක් කල පුද්ගලයෙකි. මෙවර මීගමුව අධ්‍යාපන කොට්ඨාශය තුල 05 වසර ශීෂයත්ව විභාගයෙන් දරුවන් 05 දෙනෙකු සමත් වීමත් එහිදී කොට්ඨාශයේ දෙමල මාධ්‍යයේ වැඩිම ලකුණු ලබා ගත් දරුවෙක් ඒ අතර සිටීමත් ඔහු විසින් පාසල තුල පවත්වා ගෙන ගිය ක්‍රමවේදයේ ප්‍රතිඵලයකි. එලෙසම විදුහලේ පාසල් සංවර්ධන සමිතිය සහ ආදි ශීෂ්‍ය සංගමය සහය කරගෙන පාසල් ගොඩනැගිලි පින්තාරු කර අ`ඵත් වැඩියාකීරිමත් තවද පාසලට පිවිසෙන ප්‍රධාන ගේට්ටුව අලංකාර ලෙස නිර්මාණය කර පාසල් පිවිසුම් භූමිය නවීකරණය කීරීම ආදී කටයුතු ඔහු ගේ මුලිකත්වයෙන් සිදුවූ කාර්්‍යය භාර්‍යයන් ලෙස හැ`දින්විය හැකිය.

ගෙවී ගිය වසර 08 පමන කාලය තුල මෙම පාසලට පැමිණි විදුහල්පතිවරුන් සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන්ගේ ගනන 08 කට ආසන්නය. ඒ අතර විදුහල්පති- ඒ ශ්‍රේණිය සමත් සහ අධ්‍යාපන පරිපාලන විභාගය සමත් කිහිප දෙනෙකුද සිටී. කෙතරම් දක්ෂ විදුහල්පතිවරුන් මෙම විදුහලට පැමිනියත් ඉහත කී කල්ලියෙන් සිදු වන විවිධ බලපෑම් මත ඒ අයට සිදු වන්නේ ඉතා කෙටි කාලයක් තුල සිය කැමැත්තෙන්ම ඉල්ලා මාරුවීමටය. මීගමුව අධ්‍යාපන කොට්ඨාශ සහ  කලාප බලධාරීන් ටත් මෙතෙක් කලක් අල් ෆලාල් විදුහල ඉලක්ක කර ගත් මෙම කල්ලියෙන් විදුහල්පතිවරුන්ගේ රාජකාරියට සිදු වන බාධාවන් පාලනය කිරීමටවත් මෙතෙක් නොහැකි වී තිබීම අවසනාවන්ත සහ කනගාටුදායක තත්වයකි.