මීගමුවේ අනතුරු දායක ලුනුකඩ හංදියට වගකිවයුත්තේ කව්ද?

0
116

lunukada juntion

මීගමුව  ලුනුකඩ හංදියේ  රේල්ගේට්ටුව  අසල මේ වනවිට  අනතුරු  බහුල  තැනක් බවට පත්වී ඇතැයි  අවට  සිටින  ත්‍රිවිල්  රියදුරන්  පවසති.  ඊට  ප්‍රධාන  හේතුව  ලෙස  ඔවුන්  දක්වන්නේ  රේල්  පාරේ  ඇති  වලවල්ය. මේ  වනවිට   ඔවුන්   මෙම වලවල්    ගඩොල්   දමා  කුඩුකර  එම  වලවල්  පුරවා ඇත.     හතරමංහංදියක්වු  මෙම ස්ථානයේදී  කොප්පරා  හංදීයේ සිට  එන පාරත්,   දෙහිමල්වත්ත  සිට එනපාරත් ,ආවේමරියා  පාරත්  මුනගැසේ.   එනිසාම  මෙහි  බරපතල  තදබදයක් පවතී. මෙහි ඇති පටු බවද ඊට බලපා ඇත.බෙල් සිග්නල්  වැදුනද  ගේට්ටුව  වැහෙන  ප්‍රමාදය   නිසා  යතුරු  පැදි කරුවන් සහ  පාපැදි  කරුවන්ගේ  ඉක්මන්  ගමන  නිසාත් ,නිතර  ගේට්ටු  කැඩෙනබව  ගේට්ටු  මුරකරු  පවසයි.

මේ පිළිබදව  අප  දුම්රිය  ස්ථානාධිපති  තුමාගෙන්  විමසු  විට  ඔහු ප්‍රකාශකලේ  මෙය  තමන්ට  අදාල  නොවන   බවත්,   මෙම සිද්ධිය  තමන්  නොදන්නා  බවත්, එය  අදාල  වන්නේ   ස්ථිර  මාර්ග  පරීක්ෂක  කාර්්‍යාලයට  බවත්ය.  මේඅනුව  අප  එහි  ස්ථානාධිපති  හමුවන්නට  ගිය  අතර  ස්ථානාධිපති  නොසිටියෙන්   ඒවෙනුවට  සිටි  මහතාගෙන්  මේ  ගැන විමසුවෙමු.    ඔහු  කියා සිටියේ    සිග්නල්  ගේට්ටු  දෙක  අතර  සීමාවේ  සියළු  කටයුතුවල  වගකීම   දුම්රිය   ස්ථානාධිපති   සතුවන බවයි. එමෙන්ම     මෙම  ස්ථානය  උස්කර   සකස්කිරීමට  යෝජනා වී ඇතිබවත්,  පරණ  ගේට්ටු   මුර  ගෙය කඩාදමා  අළුත්  එකක්  හදා ඇත්තේ  එනිසා බවත්,  නමුත්  එම කටයුත්ත  ප්‍රමාදවී ඇති  බවත්  ඔහු  සදහන්  කරන  ලදී. තවදුරටත්  පැහැදිළි  කරමින්   මෙම කටයුතු  සදහා  දම්රිය  දෙ. ව.,   පොලීසිය,  ස්ථිර  මාර්ග  පරීක්ෂක  කාර්්‍යාලය, නගරසභාව,  යන  සියළු ආයතන  මේ සදහා  දායක වියයුතු බව ඔහු  සදහන්  කරනලදී.

කෙසේ  නමුත්  මෙමප්‍රශ්ණය  අදාල වන්නේ  කුමන  අංශයටද?  නිලධාරීන්  මේ  සදහා  මැදිහත්විය යුත්තේ  කෙසේද?  යන්න පැහැදීළි  කරගනිමින්  මෙම ස්ථානයෙහි  පවතින  තත්වය    සළකා   විශාල   අනතුරක්  වන්නට  පෙර  ඉක්මනින්    පිළිසකර   කරනමෙන්  අප  ඉල්ලා  සිටිමු.