එජාපයේ බහුතරයක් මන්ත්‍රිවරුන් සහ මන්ත්‍රිවරියන් මෙවර අයවැය පාරජය කිරිම සඳහා දැනටමත් පෙළගැසෙමින් සිටින පසුබිමක අතිශය පුද්ගලික වාසි තකා එජාප මන්ත්‍රිවරුන් සුළු පිරිසක් අයවැයට පක්ෂව ඡන්දය දිමට සුදානමින් සිටින බව වාර්තාවේ.,
මේ අතලොස්සක් දෙනා තමන්ට ලැබුන ලක්ෂ ගණන් කොන්ත්‍රාත් නිසාම තමන් ව පත්කර යැවු කොට්ටාශයේ ජනයාට එරෙහි වෙමින් ලංකාවේ අංක එකේ දුෂිතම දේශපාලන පවුල රැකගැනිම වෙනුවෙන් ඉදිරිපත් වන්නේ නම් එහි ”දේශපාලන ප්රතිවිපාකය අතිදරුණු විය හැකි බව විවිධ ප්‍රදේශවල සිටින දේශපාලන ක්‍රියාකාරින්ගෙන් අප කළ විමසිම් වලදි පවසා තිබුණි.
මේ දුෂිතයන් රැකගැනිම සදහා ඡන්දය භාවිතා කර ඒ පවුලේ උදව්වෙන් ස්වාධින එළඹෙන පළාත් පාලන මැතිවරණයේදි ඉදිරිපත්විමට කොට්ටාශවලින් සුදානම් වන්නේ නම් එවැනි ද්‍රෝහින්ට නිසි පාඩම් කියා දිමට ජනතාව සුදානම් බව මිපුරට කියා සිටියේ පොලිම් බුත් එජන්ට් කෙනෙකි.
අයවැයට පක්ෂව ඡන්දය දෙන විපක්ෂයේ මන්ත්‍රිවරුන් පිළිබදව ඔබේ මතය කුමක්දැයි අප කළ විමසුමකට පිළිතුරු දුන් මිගමුවේ ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු පවසා සිටියේ ඉදිරි මැතිවරණයේදි සමාජ මාධ්‍ය විසින් තිරාණාත්මක මැදිහත්විමක් සිදුකිරිමට නියමිත අතර බදුගෙවන ජනයාට ද්‍රෝහි වන සැමට නිසි පාඩම් කියා දිම සදහා දැනටමත් තරුණ සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් පිරිසක් සුදානම් වෙමින් සිටින බවය.
”ඔය කාගේත් වතගොත මගේ ෆයිල් එකේ ඇත” යනුවෙන්ද ඔහු අවධාරණය කර සිටියේය