මීගමුවේ අයවැයට හෙට නොඑන එජාප මන්ත්‍රි පිරිසගේ තවත් කුමන්ත්‍රණයක් හෙළිවේ.

0
37

MC UNP team 1( 8.45 pm ) අප විසින් දැනටමත් හෙලිදරව් කර ඇති පරිදි මිගමුවේ දූෂිතම දේශපාලන පවුලේ දෑත් ශක්තිමත් කිරිම සදහා හෙට පැවැත්වෙන මහනගර සභාවේ අයවැය විවාදයට නොපැමිණි මගහැරිමට සැලසුම් කර ඇති ජනතා ද්‍රෝහි නඩය විසින් තමන්ගේ ගොඩ වැඩිකරගැනිම සදහා තවත් එජාප නියෝජිතයන් හට දුරකථන ඇමැතුම් ලබාදිමෙන් ඉල්ලිම් කරමින් සිටින බව හෙළිවේ.
මේ ජනතා ද්‍රෝහි ලයිස්තුවේ සිටින එක් මන්ත්‍රිවරයෙකු මිගමුව එජාප මන්ත්‍රිවරියකට දුරකථන ඇමතුමක් ලබා දෙමින් කියා ඇත්තේ හෙට මහසභාවට නොයා සිටින ලෙසය.
එමෙන්ම තවත් එජාප මන්ත්‍රිවරුන්ටද කියා ඇත්තේ හෙට දිනයේ නොයන ලෙස ඉල්ලා සිටිමිනි.
මිගමු දේශපාලන ඉතිහාසයේ වඩාත් කථාබහකට ලක්ව දේශපාලන අවධානයකට යොමුව ඇති මෙවර අයවැය යනු දුෂිත දේශපාලන පවුලකට එරෙහිව ශක්තිමත් ලෙසින් ඒකාබද්ධ විරෝධයකට මුල පිරිමක් ලෙස දැනටමත් මතුව ඇති නිසාමය.
මේ එකමුතුබව ජනතා ද්‍රෝහි දේශපාලකයන්ගේ ව්‍යාජ සළුපිළි ගලවා දමා දේශපාලන සටන්භුමිය තුලදි නිරුවත් කිරිම හෙට දිනයේ අනිවාර්යයෙන්ම සිදුවිමට නියමිතව තිබේ.