මීගමුවේ අයවැය ගැන එජාප තින්දුව දෙසැ 10 වනදා

0
73

මීගමුව මහනගර සභාවේ අයවැය 2013 දෙසැම්බර් 10 වනදා ට යෙදි ඇත.ලංකාව පුරාම දැනටමත් පළාත් පාලන ආයතන 13 ක පමණ අයවැය පරාජය විමේ තත්වයක් උද්ගතව තිබුණි.
මේ රැල්ල මීගමුවට ද පැමිණිමට නියමිතව ඇත්තේ ඒ වෙනුවෙන් විශේෂ මෙහෙයුමක් ඇමති නිමල් ලංසා විසින් සිදුකරමින් තිබිම නිසාය.
විශේෂයෙන්ම ශ්‍රිලනිප ලේකම් මෛත්‍රිපාල මහතාගේ ඉල්ලිම පරිදි මීගමුව ආසන සංවිධායක විසින් මීගමුව මහනගර සභාවට ආණ්ඩු පක්ෂයේ සියළු මන්ත්‍රිවරුන් මේ ගැන සාකච්ජා කිරිම සදහා කැදවා තිබුණද ඇමති නිමල් ලංසාගේ මැදිහත්විම මත මෙම රැස්විම එහෙම පිටින්ම කඩාකප්පල්ලව  තිබුණි.nov 7 3
16 දෙනෙකුගෙන් යුත් මන්ත්‍රි කණ්ඩායමෙන් පැමිණ තිබුනේ  දෙදෙනෙකු පමණි.
මෙවර අයවැයේදි ගතයුතු ස්ථාවරය ගැන සාකච්ජා කිරිම සදහා මීගමුව එජාප ආසන සංවිධායක රොයිස් විජිත විසින්ද විශේෂ මන්ත්‍රි මන්ඩල සාකච්ජාවක් කැදවා තිබුණි.
මෑත ඉතිහාසයේ පලමු වරට විපක්ෂ මන්ත්‍රිවරුන් 9 දෙනාම පැමිණ තිබුන අතර අය වැය සම්බන්ධයෙන් ගතයුතු අවසන් ක්‍රියාමාර්ගය ආසන සංවිධායක වරයා  සියඵු මන්ත්‍රිවරුන්ට හ ට  අදාල දිනයේ මහසභාව ආරම්භ කිරිමට පෙර දැනුම් දිමට නියමිත බවට වාර්ථා වේ.
දෙසැ 10 වනදාට සියළුම එජාප මන්ත්‍රිවරුන් අයවැය සදහා අනිවාර්යයෙන්ම පැමිණිම ගිවිසගත් බවද දැනගන්නට ඇත.