මීගමුවේ අයවැය දෙසැ 14 වෙනිදා ! එජාපේ තීන්දුව කුමක්ද ?

0
104

UNP MPs on fuel hike issue(4.30 pm ) මීගමුව මහනගර සභාවේ අයවැය විවාදය දෙසැම්බර් 14 වෙනිදාට යෙදි ඇත.පොහොට්ටුවේ ඒකායන පැතුම වි ඇත්තේ එය ඒකමතිකව සම්මත කරගැනිමටය.
ඒ සදහා මෙහෙයුම් රාශියක් දැනටමත් ක්‍රියාත්මක අතර ඇතැම් එජාප මන්ත්‍රිලා ඒ නිසාම ගිණිකන වැටි සිටින බවද පෙනේ.
අයවැයට සහය ලබාගැනිම සදහා ක්‍රියාත්මක කරන්නට යෙදුන ප්‍රධානතම මෙහෙයුම වුයේ පාසිකුඩා බජට් සවාරියයි.
ඒ සදහා එජාප මන්ත්‍රිවරුන් 8 දෙනෙකු සහභාගිව සිටි අතර එජාප මිගමුව ශාඛාවේ ලේකම් රවි ජිවාන්ද මන්ත්‍රිවරයා කලින් ප්‍රකාශ කර තිබුනේ පාසිකුඩා ගමන සදහා එජාප මන්ත්‍රිවරුන් 15 දෙනෙකු තමන්ට නම් දි ඇති බවය.
කෙසේ වෙතත් මේ ගමන තුල පැවැති රාත්‍රි සාදයේදි මෙන්ම ඉන් පසුවද එජාප මන්ත්‍රිවරුන් කිපදෙනකෙු තැන තැන මිපුරට බැන වැදි ඇතැයි අපට දැනගන්නට ඇත.
මේ එක් අයෙක්  කියා ඇත්තේ මිපුර මිගමුවේ එජාපය බෙදා ඇති බවය.
අපට ඒ මන්ත්‍රිලාට කියන්නට ඇත්තේ මිගමුවේ එජාපයේ මන්ත්‍රිවරුන් බෙදිමේ කුමන්ත්‍රණයේ මහමොළකරු නිමල් ලංසා බවත් මේ නිසාම ලංසා කාවින්ද අතර අශුෂ්ඨ සන්ධානයක් ගොඩනැගි ඇති බවත්ය. .
මේ නිසාම පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධනගේ අත්වැල් ගායකයන් පිරිසක් මේ මන්ත්‍රිවරුන් අතර සිටින බව මිගමුවේ කිසිවෙකුටත් දැන් රහසක් නොවේ.
තමන්ට ආසන සංවිධායක කමක් නැති නිසා කාවින්ද ජයවර්ධන පසුගිය කාලය තුල තමන්ගේ පක්ෂයේ සහෝදර මන්ත්‍රිවරයෙකුට එරෙහිව රාජපක්ෂලාට කඩේ යන මාධ්‍ය හමුවේ උම්බෑ කි අකාරය ඇත්තටම අපුලය.ඒ  කාවින්ද ජයවර්ධනගේ දේශපාලන පරිණත බවේ දිගපළලය.
මිපුර කවදත් හිටගත්තේ ජනතාවගේ පැත්තේම පමණි.මේ මොහොතේ අපට ඇත්තේ එක අරගලයකි. ඒ සිරිසේන සහ රාජපක්ෂලා එක මිටට ගෙන පරාජය කිරිමේ අරගලයයි. එය එසේ තිබියදි  ඒ අරගලය තුල කොන්දේසි විරහිතව අවධානම් ගෙන වැඩකරන මාධ්‍යවේදින්ට කුහක ලෙසින් තැන තැන බැන බැන යන මන්ත්‍රිවරුන්ට කියන්නට ඇත්තේ ඒ අයටද කාවින්දලා  වැහි ඇති බවය.
යක්කු එලවිමේ මෙහෙයුම් රටතුලිත් මිගමුවේත් දිගටම ක්‍රියාත්මක කළයුතුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here