මීගමුවේ අයවැය පරදවන්න ඇමති නිමල් ලංසා සැරසෙයි?

0
79

NMC 5ලංකාව පුරාම පළාත් පාලන අය වැය පරද්දන්නට ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රිවරුන් ගෙන යන වැඩ පිළිවෙල නිරන්තරයෙන් මාධ්‍ය  හෙළි කරමින් තිබේ.
මේ අතර විශේෂයෙන්ම මීගමුව තුල පැන නැගි ඇති අර්බුදය හමුවේ වත්මන් නගරාධිපති ඇන්ටනි ජයවීර එම තනතුරෙන් පහකිරිම සදහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව අප මීට පෙරද හෙළි කර ඇත්තෙමු.
මේ පසුබිම යටතේ ශ්‍රිලනිප මහලේකම් ඉල්ලිමකට අනුව මීගමුවේ ශ්‍රිලනිප ආසන සංවිධායක ඇමති සරත් ගුණරත්න මහතා 2013 නොවැ 26 වනදා උදේ 10 ට සියළුම ආණඩු පක්ෂ නාගරික මන්ත්‍රිවරුන් සදහා රැස්විමක් කැදවා තිබුණි.
එහෙත් මෙම රැස්විම කඩාකප්පල් කිරිම සදහා සැලැස්මක් ක්‍රියාත්මක කල බස්නාහිර පළාත් සභා ආමාත්‍ය සියළු මන්ත්‍රිවරුන් ඊයේ දිනයේ කැදවා පවසා තිබුනේ මෙම රැස්විමකට  සහභාගිවිමෙන් වලකින ලෙසය.
එ අනුව ඇමති සරත් ගුණරත්න මහතා මීගමුව මහනගර සභාව වෙත අද නියමිත වේලාවට පැමිණ සිටියද එහි දක්නට ලැබුනේ එක් අයෙක් පමණි. ඒ නාගරික මන්ත්‍රි රෙමෝනා ලංසා මහත්මියයි.
නගරික මන්ත්‍රිවරුන් 17 දෙනාගෙන් මේ අවස්ථාවේ සිටියේ  නගරාධිපතිවරයා සහ රෙමෝනා ලංසා පමණි.
මේ අනුව පෙනි යන්නේ මීගමුව මහනගර සභාවේ අයවැය පරාජය කිරිම සදහා කිසියම් වැඩපිළිවෙලක් දැන් සිටම ක්‍රියාත්මක වෙමින් තිබෙන බවය.
අද පැවැති රැස්විම සහභාගි  නොවිම සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් එක් මන්ත්‍රිවරයෙක් කියා සිටියේ තමන්ට විවිධ වරප්‍රසාද ලබාදිමට ඇමති නිමල් ලංසා කටයුතු කරමින් සිටියද ආසන සංවිධායක සරත් ගුණරත්න මහතා  ඒසේ නොකරන බවය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here