මීගමුවේ අයවැය ඒකඡන්දයෙන් සම්මතයි

0
41

අද මීගමුව මහ නගර සභාවේ  අයවැය   පැවැති අතර  එහිදී අයවැය සම්මත කිරීමට එකඟව  විපක්ෂය විසින් ඡන්දය ප්‍රකාශය කර ඇත. මේ අනුව මෙවර අයවැය ඒකඡන්දයෙන් සම්මත වී තිබේ. මෙම රැස්වීමේදී සභාව අමතා කතා කළ එක්සත් ජාතික පක්ෂ මීගමුව ආසන සංවිධායක , නා. මන්ත්‍රී රොයිස් විජිත මහතා ප්‍රකාශ කර ඇත්තේ ‘ මෙම අයවැයේ  අඩුපාඩු
රාශියක්  තිබුණත් ආණ්ඩු පක්ෂය තුළ මීගමුව  නගරාධිපතිවරයා පරාජය කර වෙනත් පුද්ගලයෙකු පත්කිරීමේ කුමන්ත්‍රණයක් දියත් වූ නිසා, ඉගුරු දීලා මිරිස් ගන්නට අපි සූදානම් නැහැ. ඒ නිසා මේ අයවැයට පක්ෂව අපි ඡන්දය දුන්නා” කියායි.
අයැවයට විරුද්ධව ඡන්දය ප්‍රකාශය කිරීම සදහා එජාප මන්ත්‍රීවරු කීපදෙනෙකුගේ සහාය ලබාගැනීම සදහා මෙහෙයුමක් පැවැති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග අප වෙත ප්‍රකාශ කර සිටී. විශේෂයෙන්ම මීගමුවේ ආණ්ඩු පක්ෂ ප්‍රබල දේශපාලකයෙකු මීට දින දෙකකට පෙර විදෙස් ගතවිමට සුළු වෙලාවකට  පෙර  සිය සැලසුම ක්‍රියාත්මක කිරිම සඳහා එජාප මන්ත්‍රීවරුන් අමතා ඇති බව හෙළිව තිබේ.

2


Photo by  – M.Z  Sajahan