මීගමුවේ අසාදිතයන් 50 ක් කියල Breaking news දාපු නගරාධිපති අද නගරය අනාරක්ෂිත කරපු හැටි..??

0
104

දයාන්ගෙ නිව්ස්මීගමුව දැන් සැබැවින්ම ඇත්තේ බරපතලම අවධානම් තත්වයකය.වාර්ථා වි ඇති මුළු ආසාදිතයන් ගණන 92 ක් වන අතර ඉන් 50 ක්ම වාර්ථා වි තිබුනේ අද (ඔක් 29 ) සවස් වරුවේදිය.
ඒ පසුගිය සිකුරාදා දිනයේ මිගමුව පිටිපන මහලෙල්ලමේදි සිදුකරන්නට යෙදුන PCR පරික්ෂණ 320කින් 270 ක ප්‍රථිපල අද ලැබි තිබිමෙන් අනතුරුවය.
මේ ආසාදිතයන් ගැන තොරතුරු මේ ආකාරයට  විය හැකි බව මහජන සෞඛ්‍ය අංශ පවා යම් ඉගි ලබාදි තිබියදිම අද මිගමුව නගරයේ කොතලාවල පාලම අසල පාර දිගේ ඉතාමත් අවධානම් ලෙසින් අද දිනයේ මාලු අලෙවි කෙරුණි.
එමෙන්ම වැල්ලවිදිය පල්ලියෙන් පාලනය වනවා යැයි කියන මාලු වෙළද පළේද මසුන් අලෙවිය සිදුකර තිබුනද එහිද කිසිදු ආරක්ෂිත බවක් තිබි නැත.
ධිවරයන් අල්ලන මසුන් අලෙවි කළ යුතුව තිබේ.පාරිභෝගිකයන් ඒවා මිළට ගත යුුතුවද තිබේ. එහෙත් එය සිදුවිය යුත්තේ කිසියම් විධිමත් සැලැසුමකට අනුවයපාර අයිනේ මාළුපාර අයිනේ මාළු 2
සැබැවින්ම නගරාධිපතිවරයා විසින් ඇඳිරි නිතිය අස්සේ මේ ලැබුන පැය 14 ක සහන කාලය තුල උපරිම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම පමණක් පදනම් කරගනිමින් මිගමුවේදි ජනතා අවශ්‍යතාවයන් ඉටු කරගැනිමට ක්‍රමයක් සැකසිය යුතුව තිබුණි.
එහෙත් එවැන්නක් සිදුව තිබුනේ නැත. එවැන්නක් සංවිධානය කිරිමට වැඩපිළිවෙලක් නොයෙදු නගරාධිපතිවරයා අද ආසාදිතයන් 50ක් හමුවිම ගැන Breaking news යනුවෙන් සිය ෆේස් බුක් ගිණුමේ සටහන් තබා ඇත
ඉතින් පසුගිය සිකුරාදා PCR පරික්ෂණ කළ අයද අද කොතලාවල පාලම අසල මාලු විකිණිමට පැමිණ තිබුනානම් ඒ ගැනද පුදුම විය යුතු නැත.
තත්වය ඒ තරම්ම භායානකය.
දැන් ජනතාවට සිදුව ඇත්තේ තම තමන්ගේ ආරක්ෂාව තම තමන් විසින්ම සකසා ගැනිම පමණි.අද දි ආසාදිතයන් ලෙසින් හඳුනාගෙන ඇති ඇතැමුන් ඔවුන් ආසාදිතයන් යැයි දැනගන්නා විටත් සිය වෘත්තින් වල නියැලි සිටියේ සැක කළ හැකිව ඇත්තේ මේ ඒක් ආසාදිතයෙකුට දුරකථනයෙන් මේ බව දැනුම් දෙද්දි ඔහු සිට ඇත්තේ මංකුලිය ප්‍රදේශයේ අයිස් කම්හලක සේවය කරමිනි.
මේ එක් නිශ්චිත උදාහරණයක් පමණි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here