මීගමුවේ අසුචී ජා-ඇලට ? මාසෙකට වියදම ලක්ෂ 15 ක් ?

0
63
මීගමුවේ අසුචි දියහොද ඇල හරහා මීගමුව කලපුවට

suwerage

මීගමුවේ අසුචි දියහොද ඇල හරහා මීගමුව කලපුවට
මීගමුවේ අසුචි දියහොද ඇල හරහා මීගමුව කලපුවට

 

ප්‍රදේශයේ නාගරික මන්ත්‍රි ඩන්ස්ටන් මහතා මාස 2 කකින් විසදිමට පොරොන්දු  වුවද දැන් මාද 5 ක් ඉක්මවා ඇත.
ප්‍රදේශයේ නාගරික මන්ත්‍රි ඩන්ස්ටන් මහතා මාස 2 කකින් විසදිමට පොරොන්දු වුවද දැන් මාද 5 ක් ඉක්මවා ඇත.

මීගමුව මහනගර සභාවේ දේශපාලකයන්ගේ සහ පරිපාලන නිළධාරින්ගේ සැලැසුම් වලින් තොර වැඩවලට වන්දි ගෙවන්නට සිදුව ඇත්තේ මීගමුවේ බදුගෙවන ජනයා වෙතය.
කුරණ පිහිටි මළඅපවහන පද්ධතිය අක්‍රිය විමෙන් පසු එය පිළිසකර කිරිමට කිසිදු විධිමත් ක්‍රියාමාර්ග නොගත් නගරාධිපතිවරයා ඇතුළු නාගරික මන්ත්‍රින් පසුව කල්පනා කළේ මීගමුවේ අසුචි වලින් ගොඩ යා හැකි ක්‍රමයක් සොයන්නටය.
ඒ අනුව ලොකු මෝරෙකු මේ දැලට හසුවිය.
ඒ නවලෝක රෝහලයි.
කුරණ මළඅපවහන පද්ධතිය පිළිසකර කර දිමෙන් පසුව වසර 10 ක් පුරාවට නවලෝක රෝහලේ සකලාකාර අපද්‍රව්‍ය බැහැර කරන්නට වන්නේ කුරණ පිහිටි ඒ පද්ධතිය වෙතය.
නවලෝක රෝහල පැත්තෙන් බලන කළ විශාල ලාබදායි කටයුත්තකි.
කෙසේ වෙතත් නවලෝක තවමත් වැඩ පටන් ගෙන ඇති බවක් නම් නොපෙනේ.
ඒ අනුව නගර තුල එක්වන මළඅපවහන එකුතු කොට කුරණ ට ගෙන ගොස් එහි සිට වෙනත් ගලි මගින් ජාඇලට යැවේ .
කෙසේ වෙතත් මෙසේ මේ ප්‍රවාහනය වෙනුවෙන් මසකට රු ලක්ෂ 15 ක මුදලක් වැයවනු ඇති බවද සැලය.මේ අනුව බලන කළ අවම තරමින් තෙමසක් ඇතුලත වත් මේ ප්‍රශ්ණය විසදා නොගන්නේ නම් ලක්ෂ 50 කට ආසන්න ප්‍රමාණයක් නිකරුනේ වැය වනවා පමණක් නොව සති ගණන් වැසිකිලි වලවල් පිරිසිදුකරගැනිමට නොහැකිවිම නිසා බරපතල සෞඛ්‍ය අර්බුද රැසක් නිර්මාණය වනු ඇත.