”ආගමික සංහිඳියාව පළුදු කිරීම හෙළා දකිනවා”- මීගමුව නගරාධිපති ඇන්ටනි ජයවීර

0
98

bolawala juncමීගමුව මහා නගර සභාවේ , ජුනි මාසය සදහා වන මහා සභා රැස්වීම ජුනි 08 වැනි බ්‍රහස්පතින්දා එනම් අද පෙරවරුවේ දී ආරම්භ වූ අවස්ථාවේදී නගරාධිපතිවරයා විසින් මේ බව පවසන ලදී.
මහා සභාවේදී නගරාධිපතිවරයාට මෙලෙස පැවසීමට සිදු වුයේ මීගමුවේ කතෝලික ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධාන සංවිධායක එම්මානුවෙල් පියුම්වර්ධන මහතා විසින් ‘ කතෝලික ඇදහිල්ලේ පදනම වු ෙජ්සුස් ක්‍රිස්තුන් වහන්සේට මීගමුව නගරාධිපතිවරයා අවමන් කරන්නේ කාගේ වුවමනාවකට ද ? ‘ යන සිරස්තලය යටතේ යොමු කර ඇති ලිපියක් හේතුවෙනි. මෙම ලිපිය ජනාධිපතිවරයාට ,අගමැතිවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යවරයාට ඇතුඵ පලාතේ මැති ඇමතිවරුන් පිරිසකටත් මීගමුව නගරාධිපතිවරයා ඇතුඵ සියඵ නාගරික මන්ත්‍රීවරුන්ටත් යොමු කර තිබිණි.
මෙම ලිපියෙන් නගරාධිපතිවරයාට චෝදනා කර තිබුනේ ඉකුත් මැයි මස වෙසක් පොහෝ දිනට පෙර දින එනම් මැයි මස 23 වැනි දින මීගමුව කතෝලික ශාසනාරක්ෂක බල මන්ඩලයේ ප්‍රධාන සංවිධායක එම්මානුවෙල් පියුම්වර්ධන මහතා විසින් නගරාධිපතිවරයාට එවන ලද ලිපියක් මාධ්‍යයට ලබා දුන්නේ යැයි පවසමිනි.  එම ලිපියට අනුව නගරාධිපතිවරයාගෙන් ප්‍රශ්ණ කර තිබුනේ වෙසක් උත්සවය සදහා මීගමුව මහා නගර සභා භූමියේ කොළඹ පාරට මුහුණලා ඇති ඉදිරි වැට දිගට සැරසීමේදී සභා භූමියේ ඇති ක්‍රිස්තු ප්‍රතිමාව ඉදිරියේ හා දෙපස බෞද්ධ කොඩි වලින් හා වෙසක් සැරසිලි වලට අදාල බකට් යනාදියෙන් ආවරණය කර ක්‍රිස්තුන් වහන්සේට අවමන් වන ආකාරයෙන් කටයුතු කර ඇත්තේ කුමක් නිසාද ? යනුවෙනි.
මේ සම්බන්ධයෙන් අද පැවැති ජුනි මස මහා සභා රැස්විමේදී නගරාධිපතිවරයා සිය අද හස් පල කරමින් කියා සිටියේ මීගමුව යනු කතෝලික ජනයා වැඩි ප්‍රදේශයක් වුවද මෙහි ජීවත් වන අනෙකුත් ආගමීක ජනතාව සමග තමා ඇතුඵ කතෝලිකයින් අනාදිමත් කාලයක පටන් සුවිශේෂී සමගියක් සහයෝගයත් සහ සංහිදියාවක් පවත්වා ගෙන එන බවයි. ඒ අනුව කතෝලිකයන් සේම මීගමුවේ වෙසෙන බෞද්ධ , හින්දු, මුස්ලිම් ආගමිකයන් සමගද ප්‍රදේශයේ නගරාධිපතිවරයා හැටියට සහයෝගයෙන් තමන් කටයුතු කරන බවයි. විශේෂයෙන් තමන් නියම ක්‍රිස්තු ආගමීක ලබ්දිකයෙකු හැටියට අන් ආගම් වලටද උපරිම ලෙස ගෞරව කරන අතර බහුතර කතෝලික ජනතාවද එලෙස වෙසක් පොහෝ දින වල ද දන්සල් පැවැත්වීම වැනි පොදු වැඩසටහන් පැවැත්වීමට කටයුතු සංවිධානය කරමින් තම සහෝදර බෞද්ධ ජනතාව සමග එම සහෝදරත්වය ආගමීක සංහිදියාව ඛෙදා හදා ගත් බවද පෙන්වා දුන්නේය. මෙලෙස ඇති මීගමුවේ ආගමීක එකමුතුභාවයට සහ සංහිදියාව පඵදු කිරීමට යම් අය වෙහෙසෙන්නේ නම් එමෙන්ම ඒ පිලිබදව නගරාධිපතිවරයා ලෙස තමන්වද අපහසුතාවයට පත් වන ලෙස විවිධාකාරයේ චෝදනා එල්ල කරමින් කරන්නා වු එම කටයුතු තමන් දැඩි සේ හෙලා දකින බවද නගරාධිපතිවරයා එහිදී අවධාරනය කලේය.
එලෙස දෙවතාවකදීම  මීගමුව කතෝලික ශාසනාරක්ෂක බල මන්ඩලයේ ප්‍රධාන සංවිධායක එම්මානුවෙල් පියුම්වර්ධන මහතා විසින් නගරාධිපතිවරයාට යොමු කල එම ලිපි දෙකෙහිම ඡයා පිටපත් මහා සභා රැස්වීම වාර්තා කිරිමට පැමිණ මාධ්‍යවේදීන් හට ලබා දීමද මෙහිදී සිදු
විය.

————————————————————————————————————————