මීගමුවේ ආපනශාලාවලට ප්‍රමිතිකරණයක් ?

0
505
වට්ටක්කා ළුණු කපන්නේ වැසිකිලි වල උඩ.මේ මීගමුවේ හෝටලයකි.
වට්ටක්කා ළුණු කපන්නේ වැසිකිලි වල උඩ.මේ මීගමුවේ හෝටලයකි.
වට්ටක්කා ළුණු කපන්නේ වැසිකිලි වල උඩ.මේ මීගමුවේ හෝටලයකි.

හෝටල් වල ප්‍රමිතිය වර්ගිකරණය සදහා ක්‍රියාත්මක H 800 වැඩසටහන මීගමුව තුල ක්‍රියාත්මක කරන්නට සුදානම් වුයේ 2006 පමණ සිටය.මේ සම්බන්ධයෙන් මීපුර පුවත් පත ලෙස අප මහත් වෙහෙසක් ගතිමු.
මීගමුවේ අපිරිසිදු හෝටල් වැටලිම සදහා මීගමුව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය සමගින් යන අප ඒ පිළිබදව ඡායාරූපමය වාර්තා නිරන්තරයෙන්ම පළකරමින් මෙම අපනශාලා වර්ගිකරණය සිදුකරන ලෙස මහජන මතයක් ගොඩනැගිමට උත්සාහ කලෙමු.
මෙය  කෙසේ හෝ ඉක්මනින් සිදුකිරිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ටද අවංක වුවමනාවක් විය.
එහෙත් කොතැනක හෝ එය හිර විය.
එනම් බාලගිරි දෝෂය අද නොවේ හෙට යනුවෙනි.   එහෙත් මේ සෞඛ්‍ය ලොක්කන්ගේ හෙට කිසිදාක උදාවුයේ නැත.
මේ නිසාම   මීගමුවේ    ආහාර පාන ක්ෂේත්‍රයේ වෙළෙන්දෝ ඇති තරම් පිස්සු කෙලින්නට පටන් ගති.
නගරයකට අත්‍යවශ්‍ය මෙය වැඩසටහන ක්‍රියාත්මක නොවි තිබුනේ කාලයේ මීගමුවේ සියල්ල පාලනය කළ දේශපාලන අධිකාරියට නායකත්වය සපයනු ලැබුවේ එවකට හිටපු නගරාධිපති නිමල් ලංසා මහතාය.
බෙහෝ විට සිදුවන්නට ඇත්තේ අපනශාලා ප්‍රමිතිකරණයෙන් පසු අපිරිසිදු ආපනශාලා වසා දැමිමටත් ඒවාට නඩු පැවරිමත් ප්‍රදේශයේ දේශපාලන බලඅධිකාරියට කරදයක් වේ යැයි සිතා මෙය ක්‍රියාත්මක කිරිම මග හැරිම  විය යුතුය.
කෙසේ හෝ පසුගිය දිනක අප විසින් මීගමුවේ මහජන සෞඛ්‍ය බලධාරින්ගෙන් යළිත් විමසා සිටි අවස්ථාවේ ඔවුන් කියා සිටියේ මෙවර නම් කෙසේ හෝ ප්‍රමිතිකරණය සිදුවන බවය.
අප යලිත් බලාසිටින්නෙමු.
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here