මීගමුවේ ආපනශාලා වර්ගිකරණ වැඩපිළිවෙලට එරෙහි වෙන්නේ කව්ද ?

0
73

Durty hotel NGBමීගමුවේ හෝටල් වර්ගිකරණය සදහා H800 නමින් විශේෂිත වැඩපිළිවෙලක් මීගමුව මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක අංශය විසින් අරඹන්නට යෙදුනේ දැන වසර 7 කටත් පෙර සිටය.
මීගමුවේ සිටි කිර්තිමත් ව්‍යාපාරිකයෙකු වු නැසි ගිය කැල්ටන් ව්‍යපාරයේ අධිපති සෝමචන්ද්‍ර සිල්වා මහතා වැනි ව්‍යාපාරිකයන් පවා මීගමුවේ හෝටල් වර්ගිකරණ වැඩසටහන සදහා නොමඳ සහයක් ලබාදුණි.
හෝටල්වල සේවකයන් කැදවා පැවැත්වු වැඩමුළු ගණනාවකදිම ඒ අය වෙත නොමිලේ ආහාර පාන ලබාදෙන්නට ඔහු කටයුතු කලේය.
එහෙත් ඔහු මිය යන තුරුම ඔහුගේ එකදු කැල්ටන් හෝටලයක හෝ A ශ්‍රේණියේ යැයි සදහන් නාමපුවරුවක් එල්ලා තැබිමට නොහැකි වන්නේ මීගමුවේ මහජන සෞඛ්‍ය පරික්ෂක අංශයේ මේ බාලගිරිදෝෂය නිසාවෙනි.
මේ සම්බන්ධයෙන් අප අවස්ථා ගණනාවකදිම මීගමුවේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිගෙන් මෙන්ම ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂවරයාෙගන් විමසා සිටියදි ඔහු පවසා සිටියේ එය ඉක්මනින් ක්‍රියාත්මක කරන බවය.එහෙත් මේ ප්‍රකාශයන් වලට දැන් වසරකටත් වඩා කල් ඉක්මව ගොසින්ය.ඒ සෑම අවස්ථාවකදි ඔවුන් පවසා සිටියේ එයට අදාල තොරතුරු එකතු කිරිම් සියල්ල දැන් අවසන් කර ඇති බවය.
මීගමුව යනු වේගයෙන්ම ඉදිරියට යන ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාතම නගරයයි.
එහෙත් එහි ආපන ශාලවන්හි කිසි දිනක් වර්ගිකරණයක් අප දැක නැත්තේමය.
මේ ඉතා වැදගත් වැඩසහනට එරෙහිවන්නෝ කව්ද?
අපි ඉදිරියේදි ඒ සැමගෙ තරාතිරම නොබලාම හෙළිකරන්නෙමු.