මීගමුවේදි මාලිමාවට ඡන්ද 55000 ක ට ආසන්න අති ප්‍රබල ජනමතයක් ලැබිමට රට පුරාම පැවැති ජන මත රැල්ල මෙන්ම ලංසා පවුල විසින් මිගමුවේ සම්පත් පවුලක සහ ඔවුන්ගේ ගෝලබාලයන්ගේ සුඛ විහරණයට යොදා ගැනිමට එරෙහිව නැග ආ විරෝධයද ප්‍රධාන සාධයක් විය.
දශක දෙකකට ආසන්න කාලයක් මිගමුවේ සමස්ථ පරිපාලන අධිකාරියම ලංසා පවුලේ දේශපාල අධිකාරිය වඩා භ්‍රමණය වන තත්වයක් මිගමුව තුල නිර්මාණය වි තිබුණි.
ඇත්තටම කියන්නේ නම් ක්ලාස් 01 පරිපාලන නිලධාරින්ව පවා අල්ලේ නැටෙව්වේ සූදුකාරයෙකු විසින්ම බව මිගමුවේ ප්‍රසිද්ධ රහසකි.
මිගමුවට අදාලව තිත්ම ඇත්ත මෙයයි
එම නිසා ලංසා පවුල ක්‍රියා කළේ පළාත් පාලන නීතිය සිය පවුලේ නිතියක් සේ සලකාය,
මේ සියල්ලට ජනපති අනුරගේ භාෂාවෙන්ම කියන්නේ නම් ලොවෙත් නැති වෙන්නම උත්තර දෙන්නට මිගමුවේ ඡන්ද දායකයාට හැකිවිය.
කෝටි ගණනින් මුදල් වැය කළද නිමල් ලංසාගේ පාර්ලිමේන්තු දේශපාලන අතුගා දමන්නට සැබැවින්ම පෙරමුණ ගත්තෝ මිගමුවේ ජනතාවය
දාම් ලැල්ලක ඉත්තන් මෙන්ම රාජ්‍ය නිලධාරින්ව තමන්ගේ පුද්ගලික න්‍යාය පත්රයන් වෙනුවෙන් ස්ථානගත කළ මේ කෛරාටික දේශපාලකයන්ට කොන්ද කෙලින් තබාගෙන අභියෝග කළ නිලධාරින් එක් අයෙකු හෝ සිටියාදැයි සැක සහිතය.
ජනාධිපතිවරයාට දැවැන්ත ජයක් අත්කරදෙමින් පාර්ලිමේන්තුවේද තුනෙන් දෙකකට එහා ගිය බලයක් දිමට පොදු මහජනයා සමත් වුවද ඒ මහජනයාගේ සැබෑ අභිළාෂයන්ට සාධාණයක් ඉටු කරන්නට ගෙවුන දින 100 තුලදි මාලිමාවට හැකිවුනේද යන්න ප්‍රශ්ණ කරන තැනට දැන් සමාජය වේගයෙන් යොමු වෙමින් තිබේ.
කෛරාධික දේශපාලකයන්ට යන එන මන් නැති කලේද මහජනතාවමය.
ඒ ජනතා පිළිකුළ ශක්තිමත් ලෙසින් ජනයා විසින් මැතිවරණ දෙක තුලදිම මතුකර තිබුන නිසාය.
මේ අතර එක් දෙයක් පැහැදිලි වෙමින් තිබේ. එනම් තුනෙන් දෙකේ බලය දරන රාජ්‍යයට යටින් පාර රාඡ්‍ය (deep state ) ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ජනතාවට කලකිරිමක් එක් කරන අන්දමේ කුමන්ත්‍රණ දිනපතා එලිපිට ක්‍රියාත්මක වෙමින් පවතින බවත්ය
බිච් පාක් එකට අදාලව පසුගිය කාලය තුල දැවැන්තම කුමන්ත්‍රණයක් සිදුව තිබුණ අතර මේ ගැන ඉතාමත් දැනුවත් භාවයකින් කටයුතු කරමින් ඊට එරෙහිවිමට මුලික වි තිබුනේ මිගමුවේ එක් පරිපාලන නිලධාරිණියක් පමණි.,
ඒ වත්මන් නාගරික කොමසාරිස්වරියයි.
රාජ්‍ය දේපලක් වු බිච් පාක් එක පිළිබදව වගකිව යුත්තා වුයේ මිගමුවේ ප්‍රාදේශිය ලේකම්වරියයි
පසුගිය දින 100 ක කාලය තුල ඇගේ ක්‍රියා කලාපය ඉතාමත් උවමනාවෙන් නිරික්ෂණය කරන විට පෙනි ගියේ ඇය ඇත්ත ප්‍රශ්ණය මඟ හැර වටේ යමින් බබා පාට්දැමිමට පටන් ගෙන ඇති බවය
එනම් ඇත්තටම බිච් පාක් එකට අදාල නගර සභාව විසින් පසුගිය කාලය තුල පවත්වාගෙන ගිය කොටසේ අයිතිය නගර සභාවටට තවමත් පවතින බව කිමට මෙන්ම එය වඩාත් පැහැදිලි ලෙසින් තහවුරු කිරිමටද ඇයට සෑබෑ උවමනාවක් තිබෙන්නේද යන කරුණු මෙහිදි වඩාත් ඉස්මතු වි තිබේ.
අඩුම තරමින් නාගරික කොමසාරිස්වරිය විසින් මේ සම්බන්ධයෙන් ප්‍රාදේශිය ලේකම්වරියගෙන් 2024 .11.08 දාතමින් යොමුකර තිබුන ලිපියෙන් මතුකර තිබුණ ඉතාමත් වැදගත් ප්‍රශ්ණ 5 ට තවමත් පිළිතුරු ලබා දි තිබේද යන්න ගැනද සැක සහිතය.
ඇය විටක බබා පාට් දමන බව අප ඉතා හොදින් පැහැදිලි වු අවස්ථා ගණනාවක් ම වේ .කිසිදු නිතිමය අයිතියක් නොමැතිව ලංසා පවුලේ රෑකඩ නළුවන් පිරිසක් විසින් රු 100 මුදලක් රථ ගාලට අය කිරිම පැහැදිලිව නිති විරෝධි කටයුත්තක්ව තිබියදි ප්‍රාදේශිය ලේකම් වරිය මේ නීති විරෝධි කටයුත්ත නවතා ලිමට කොන්ද කෙලින් තබාගෙන නිර්භිතව පියවර ගත යුතුව තිබුනද ඇය එය මඟ හැරියේය.
මාලිමා රජයේ දින 100 ක කාලය තුල ලංසා පවුලේ ජඩකම් වලට කිසිදු ඉඩක් නොදි නිර්භිතව කටයුතු කළ එකම රාජ්‍ය නිලධාරිණිය වුයේ වත්මන් නාගරික කොමසාරිස්වරියයි.
පසුගිය නත්තල කාලය තුල පවා ලංසා පවුලේ හෙංචයින්ට වංගු ගසා කොමිස් ගිලින්නට කිසිදු ඉඩක් නොදිමට ඇය එඩිතරව වගබලාගත්තාය
මාලිමාවේ ලොක්කන් සැබැවින්ම මිගමුවේ ජනමතය ගැන සිතා කටයුතු කරන්නේ නම් දුෂිත ලංසා පාලනයට තව දුරටත් ගේම් ගැසිමට ඉඩ දි බලා සිටින පතෝල නිලධාරින් නම් මිගමුවට වැඩක් නැති බව මාලිමා ලොක්කන් තේරුම් ගත යුතුව තිබේ.
මිගමුවේ ජනමතයට ගරු කිරිමට නම් ඒ විභවය දැනටමත් පෙන්වා ඇති නිර්භිත රාජ්‍ය නිලධාරින් රැක ගැනිම අංක එකේ වගකිමක් කරගත යුතුව තිබේ.
මිගමුවේ පාලනය දැන් භාරව සිටින ඇතමුන්ට පවා මිගමුවේ දේශපාලන හතරමායිම් ගැන නිසි අවබෝධයක් තිබුනාදැයි සැබැවින්ම සැක සහිතය.
ගණිතඥයන් අවැසි තැනට නැට්ටුවන්ගෙන් වැඩක් නැති බව ඉදිරියේදි තවත් අවබෝධකර ගැනිමට මිගමුවේ දේශපාලනය ගැන සැබෑ සවිඥානක බවක් ඇති සැමට හැකි වනු ඇත
මිගමු ජනබලවේගයේ ඇතමුන් ක්‍රියාකාරන ආකාරය සියුම්ම විමසා බලන කළ පැහැදිලිව පෙනි යන්නේ දේශපාලන උපාය උපක්‍රම ගැන දුරදිග බලා දේවල් විග්රහ කරගන්නවා වෙනුවට ලාභ ජනප්‍රිය අර්ථයෙන් ලග නමන විසදුම් ඉතා වේගයෙන් බදා වැළද ගැනිමට පේවෙමින් සිටින බවය
එළඹෙන්නේ මැතිවරණ සමයකි.
සල්ලි හිතුමතේ තවදුරටත් විසි කරමින් රාජ්‍ය නිලධාරින්ව පවා තම වසඟයට ගත හැකි ලංකාවේ සටකපටම දේශපාලන භාවිතාව ඉදිරියේදි මිගමුව තුල දිගහැරිමට නියමිතව තිබේ.
මිගමුවට අවැසි වන්නේ ලංසා පවුලේ මජරකම් වලට යට නොවි මේ පජාත පවුලේ සකලාකාර වංචා දුෂණ එළියට ඇදිය හැකි නිලධාරින්ය .මේ පසුබිම තුල නව මාලිමා පාලනයක් තුලදි සෑබෑ වෙනසකට මිගමුව තල්ලු කිරිමට හැකිවනු ඇත
එබැවින්ම පළාත් පාලන මැතිවරණයක් මුව විටේ තිබියදි නිර්භිත නිලධාරින් / නිලධාරිණියන් රැක ගැනිම නපුරට එරෙහිව යහපත වෙනුවෙන් කරනු ලබන දේශපාලනයක්ම වනු ඇත
ලංසාලගේ වසඟයට යටවෙන බබා පාට් නිලධාරින්ට අද පවතින මිගමුවේ දේශපාලන යථාර්ථය තුල කළ හැකි දෙයක් නැත.
මේ අයගේ නොහැකියාවන් ගැන මෙන්ම ඇත්ත ලැදියාවන් ගැනද අප ඉදිරියේදි මිටත් වඩා නිශ්චිතව ජනතාව හමුවේ ප්‍රකාශ කිරිමට සුදානමින් සිටින්නෙමු.