මීගමුවේ ඇත්ත ප්‍රශ්ණ ගැන හඬක් නැති ”පුරවැසි එකතු” මොකටද ?

0
99
මිගමුව නගර මැද ඇති විශාල වානිජ වටිනාකමක් සහිත තැබැරුම්වත්ත

තැබෑරුම්වත්ත

මීගමුව යනු පුරවැසියන් නැති යටත් වැසියන් පමණක් සිටින නගරයක් බව දිනෙන් දිනම ඉතා පැහැදිලි වෙමින් තිබේ.එයට හේතුව වන්නේ ලංකාවේ අංක එකේ දුෂිතම නගරයක් සහ නගරය පාලනයක් තිබියදි මේ වංචා දුෂණ ගැන වගේ වගේ නැති පුරුවැසියන් නොවන යටත් වැසියන් පමණක් සිටිනවා යැයි හිතෙන පුරවැසි එකතු ලෙසින් නාමකරණය වු සංවිධානද ඇත.

එහෙත් ඒ් සංවිධාන මිගමුවේ ඇත්ත ප්‍රශ්ණ ගැන කිසිදු හඩක් නගා තිබුනේ නැත. ඒ් ගැන වගක් හෝ ඇතිදැයිද සැකය.

මේ වන විට මිගමුවේ වටිනාම ඉඩකඩම් ලංසා පවුල විසින් කුණු කොල්ලට විකුණා දමන්නට සුදානම් වෙමින් සිටිති.ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියක් නැති ලංසා පවුලේ කැමැත්ත සහ ආශාව පමණක් මිගමුවේ ඉඩම් පරිහරණ ප්‍රතිපත්තිය වි ඇති පසුබිමක මිගමුවේ පුරවැසි සංවිධාන කාසය බිපු ගොළුවන්ගේ ගානට වැඩි ඇත.
ඉඩම් අහිමි අති බහුතර ජනතාවක් සිටින මිගමුව තුල ඒ් අයගේ අයිතිය වෙනුවෙන් පෙනි සිටිනවා යැයි කියන සංවිධාන මුලිකම කළ යුතු ව ඇත්තේ මිගමුවට ගැලපෙන ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියක් වෙනුවෙන් සටන් කිරිමය. එහෙත් ඒ සංවිධානවලට එවැන් දැක්මක් නැතිවිම ඒ් වා පසුපස යන ජනතාවගේ අභාග්‍ය වි තිබේ.

මේ පසුබිම තුල මිගමුවේ ඇති ඉඩම් තම හිතවතුන්ට ලබාදිමට පිඹුරු පත් සකසන්න මිගමුවේ කලු සල්ලි පාලකයෝ කටයුතු කරමින් සිටිති එපමණක් නොව මිගමුවේ දරුවන්ට ක්‍රිඩා කිරිමට ඇති සෙල්ලම් පිට්ටනිද කෝටිපතියන්ගේ දරුවන්ට ක්‍රිඩා කිරිමට ඉඩ ලබාදෙන තැන් බවට පත් කිරිමට කටයුතු සැලසෙමින් තිබේ.

අද පැවැත්වෙන (06) මිගමු මහනගර සභාවේදි මේ ගැන තින්දු ගැනෙනු ඇත. එහෙත් මිගමුවේ බදු ගෙවන ජනයාට හෝ පුරවැසි සංවිධානවල වලට මේ ගැන වගේ වගක් නැත.