මීගමුවේ ඇතැම් දේශපාලකයන්ගේ හැසිරිම් කොරෝනා අවදානම තවත් පතුරුවයිද ?

0
163

මීගමු මහනගර සභාවට සම්බන්ධ දේශපාලකයන් දෙදෙනෙකු දැනටමත් කොරෝනා ආසාදිතයන් බවට පත්ව ඇත. එමෙන්ම නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ නිවසේ එක් අයෙකුද කොරෝනා ආසාදිතයෙකු බවට පත්වු බව වාර්තා විය.

මේ අය අතුරෙන් එක් නාගරික මන්ත්‍රිවරයෙකු පසුගිය මස 25 ,26,27, සහ 28 යන දිනවලදි මිගමුව මහනගර සභාවට පැමිණ එහි අංශ ගණනාවකට ගොස් ඇත.
නගරාධිපතිවරයාව මෙන්ම රාජ්‍ය ඇමති නිමල් ලංසාවද හමුවි ඇත.

දැනටමත් රටේ බොහෝ තැන්වලින් කිසියම් රෝගියෙකු වාර්තා වු විට අදාල අංශ වසා දැමිම සිදුකරමින් තිබියදි මිගමුව මහනගර සභාවේ බළධාරින් ඒ ගැන වැඩි තැකිමක් නොකරන්නේ ඇයිදැයි දැනටමත් ගැටළුවක් මතුව තිබේ.
එමෙන්ම නියෝ‍ජ්‍ය නගරාධිපතිවරයා නිවසේ කි දෙනෙකු PCR පරික්ෂණ වලට යොමු තිබුනේද යන්න ගැනද තවමත් ගැටළු සහගතය