මීගමුවේ ඇතැම් ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන්ගේ නිවෙස් වලට දිනපතා දුම්ගහන්න නියෝග දුන්නේ කව්ද ?

0
108

dengu foggingමීගමුව තුල දැනට ක්‍රියාත්මක මෙගා ඩෙංගු මර්ධන වැඩසටහන යටතේ මීගමුවේ ඇතැම් ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන්ගේ නිවෙස්වලට දිනපතා දුමායන කටයුතු කිරිමට නියෝග දි ඇත්තේ කව්දැයි පෙරියමුල්ල ප්‍රදේශයේ ජනයා ප්‍රශ්ණ කර සිටිති.
මෙසේ ප්‍රකෝටිපතියන්ගේ නිවෙස්වල සමාජිකයන්ට ඩෙංගු වැළදි ඇති විටක මෙසේ මහජන මුදල් යොදාගනිමින් උපරිම ලෙස වරප්‍රසාද ලබාදෙන අතරේ තවත් ප්‍රදේශවල ඩෙංගු වැළදුන රෝගින් රැසක් සිටින තැන්වලට පවා නිසි ලෙස දුමායන කටයුතු නොකරක බවට ඔවුන් චෝදනා කර සිටිති.
මෙසේ දුමායන කටයුතු සදහා වැය වන්නේ මහජන බදුමුදල් බවද නොරහසකි.
ඇතැම් දේශපාලකයන්ගේ ව්‍යාපාරික මිතුරන් මෙසේ සුපිරි වරප්‍රසාද ලබන පංතියට අයත්යැයි සමාන්‍ය ජනයා තවදුරටත් කියා සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here