මීගමුවේ ඉපදුන ශ්‍රේෂ්ඨ කම්කරු නායකයාගේ අවසන් කටයුතු අද කොළඹදි ..

0
203

01මෙරට බිහිවු අභිත වෘත්තිය සමිති නායකයන් අතර බාලා තම්පෝ මහතා වෙත හිමිවනුයේ අති සුවිශේෂතාවයකි.
ඔහු පිළිබදව මේ දිනවල විවිධ කථාබහ පැවතුනද ඔහු මීගමු පුතෙකු බව ඒ බොහෝ සංවාදයන්හිදි අමතකය.
93 වියක් ආයු වලදා දැයෙන් සමුගත් බාලාතම්පෝ මහතාගේ අවසන් කටයුතු අද කොළඹදි සිදුවිමට නියමිතය.
මීපුර පුවත්පත සහ මීගමුවේ ප්‍රගතිශිලි සහෘද කැල විසින් 2008 මැයි 23 වනදා මීගමුවේදි විශේෂ සැමරුමකට සුදානම් විය.
ඒ එදින 86 විය සැමරූ බාලා තම්බෝ සහෝදරයාගේ උපන් දින සැමරුම මීගමුවේදි සංවිධානය කිරිමටය.
මේ අවස්ථාව සදහා බාලා සහෝදරයා පැමිණ තිබුනේ ඔහුගේ ෆොක්ෂ්ෂෝගන් මොරටුවේ සිට රථය තනිවම පදවාගෙනය.
මෙම සුන්දර මොහොත හැඩගැන්විම සදහා ජයතිලක බණ්ඩාර ගිත ගායනයෙන් සම්මාදම් විය.
බාල තම්පෝ සහෝදරයා වෙනුවෙන් විශේෂයෙන්ම සැකසු බ්ලොග් අඩවියක්ද එළිදක්වන ලදි.
මීගමුවේ පැන්සල් චිත්‍රකලාවේ යෙදුන තරුණයෙකු විසින් චිත්‍රයට නගන ලද බාලා  තම්පෝ මහතාගේ රූපයක්ද මෙදින ප්‍රදානය කරන ලදි.
මේ ප්‍රතාපවත් මිනිසාගේ අවසන් කටයුතු අද කොළඹදි සිදුකිරිමට නියමිතය.

පහත පළවන්නේ මීගමුවේ කිර්තිමත් කවියෙකු සහ ලේඛකයෙකු වු හියුබට් සැටැන්ලි මහතා විසින් බාලා තම්පෝ ඇගයිම සදහා 2008 වසරේ තැබු සටහනකි.

බාලා තම්පෝ ඇගයීම
50 දශකයේ සිට මෙ නව සහශ්‍රය දක්වා දේශපාලන ව්‍යුහය තුළ සක්‍රීය වාමාංශික චරිතයක්  වේ නම් ඔහු  බාලා තම්පෝ මහතා බව අවිවාදිතය.
වෘත්තී සමිති නායකයෙකු ලෙස සිය පූර්ණ ජීවිත කාලය පොදු ජන සුභ සාධනය උදෙසා කැප කළ මෙවන්  චරිතයක්  අපට වැදගත් වන්නේ ඇයි ?
ගොවි, කම්කරු, සඟ වෙදගුරු ඈ පංච මහා බලවේගයන් කරපින්නාගෙන එස්. ඩබ්ලියු. ආර්. ඩී.
බණ්ඩාරනායක ගෙනහැර පෑ මගෝඩිය  මෙන්ම පසුකලෙක දියාරුවී ගිය ලංකා සමසමාජ පක්ෂයේ සහ ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායකයින්ගේ කොන්ද පණ නැති  ප්‍රතිපත්ති  හමුවේ වල්වැදුනු  වාමාංෂිකය ගණිකා වෘත්තියට සමගාමිවැ මස්තබාල්දුවු බව අප පිළි ගත යුතුව ඇත.
මස්තබාල්දු වූ  වාමාංශිකය නම්වූ ගණිකාව වැදූ අවජාතක පුත්‍රයා ජනතා විමුක්ති පෙරමුණ
ලෙස හැඳින්වීම කාලෝචිත යැයි මම සිතමි. අද වන විට ඒ ජනතා විමුක්ති පෙරමුණද සුන්නද්ධූලී වී ගොසිනි.
මෙවන් අති දූර වූ කාල පරාශය තුළදී වාමාංශිකය වෙනුවෙන් යම්තාක් දුරට හෝ පෙනී සිටින්නට කොන්ද  කෙලින් තබාගෙන නැගී සිට නොබියව කතා කරන්නට හැකිවූ අයෙක් වෙතොත් ඔහු සැබෑ වීරවරයෙක් නොවන්නේද ? එස්. ඒ. වික්‍රමසිංහ, ඇන්. ඇම්. පෙරේරා සහ කොල්වින් ආර්. ද. සිල්වාවැන්නවුන් 50- 60 දශකයන්හි  වම නියෝජනය කළ අපේ වීරවරයෝ වූහ. එහෙත් මේ වන විට ඔවුහු හුදු නාමධාරින් මිස සැබෑ විරුවන්  ලෙස අභිෂේක නොලබන්නෝ වෙති.
. 2008 මැයි මස 23 වන දින සිය 86 වැනි
උපන්දිනය යෙදුණු මීගොමු කුඩාපාඩුව ග්‍රාමයේ උපත ලද ප්‍රබල වාමාංශික වෘත්තිය සමිති නායකයෙකු වන බාලා තම්පෝ මහතා අපට හමුවන්නේ මීපුර  ප්‍රාදේශීය පුවත්පතේ කර්තෘ ප්‍රෙඩී ගමගේසොහොයුරාගේ මග පෙන්වීම යටතේය.
71 අප්‍රේල් කැරැල්ලේ රාජ්‍ය ග්‍රහණයේ රැඳි හුන් විප්ලවකාරී තරුණ පිරිස් වෙනුවෙන් පක්ෂ
ග්‍රාහිකත්වයෙන් තොරව නීතිඥ වෘත්තිකයෙකු ලෙස නීතිමය ආධාර සත්කාර සිදුකළ ඔහු තවමත්
ජවයෙන් පිරිපුන්ය. 19 වන සියවසට අයත් සිය පොක්ස්වාගන් මෝටර් රථය තමාම පදවාගෙන කොළඹ සිට මීගොමුවේ කුඩාපාඩුව නැමති සිය ජන්ම භූමියට සැපත් බාලා තම්පෝ නැමති ඒ විරෝධාරවෘත්තිය සමිති නායකයා අපට සිය ක්‍රියාකාරී ඉඟියෙන් පවසන්නේ වාමාංශිකය  තවමත් මියැදී නැතිවග නොවෙද ?
හියුබට් ස්ටෑන්ලි ප්‍රනාන්දු,
කටුනායක.