මීගමුවේ ලස්සනම රටඉඳි ගහ වාහනයක් මතට කඩන් වැටෙයි ?

0
509

මිගමුවේ තිබුන ලස්සනම රටඉඳි ගහ වාහනයක් මතට අද දහවල් කඩන් වැටි ඇතැයි වාර්තාවේ . ඒ නොමිලිට් වාහන ගාල් කරනු ලබන පරිශ්‍රය තුලදිය.
මේ හේතුවෙන් වාහනයට ආලාභ සිදුව ඇත.
කාගේත් කථා බහට ලක්ව තිබුන රටඉඳි ගහක් මිගමුව නගර මධ්‍යයේ ලාෆිස් සුපරි වෙළද සැල අසල තිබුනද පසුව එය විනාශ කර දැමිමට කව්රුන් කටයුතු කර තිබුණි.

 

මීගමුව කෙලින් විදියේ නෝලිමිට් ආයතනය අසල පිහිටි මේ රටඉඳි ගස දුටුවන්ගේ ඇසට ගෙන එන්නේ ඉතාමත් අසිරිමත් දසුනක් විය .
සියැසින් රටඉඳි ගෙඩි දැකගැනිමට නොහැකි මීගමුවේ ජනයාට මේ ඇත්තටම සුන්දරම අත්දැකිමක් විය.
එහෙත් මේ ගස ගැන දන්නා අය කියා සිටින්නේ කහපාටින් මේ දකින රටඉඳි කිසිදිනක ඉදි ඇති බවක් නොදකින බවය.
කෙසේ වෙතත් ඒ මනරම් දසුන යළිත් මිගමුවේ ජනයාට දැක ගැනිමට නොහැකි විමට බොහෝ ඉඩ ඇත.