මීගමුවේ එජාප නාගරික මන්ත්‍රිවරු අර්ජුන හමුවිමට අද ගම්පහට !

0
77

MC UNP team 1මීගමුව එජාප නාගරික මන්ත්‍රිවරුන් අතිබහුතරයක් දෙනා අද පෙරවරුවේ එජාප දිස්ත්‍රික් නායක අර්ජුන රණතුංග හමුවිම සදහා ගම්පහට ගොස් තිබුන බව වාර්ථාවේ.
කුරණ එජාප කාර්යාලයක් විවෘත කිරිමට ඉදිරියේදි පියවර ගැනිමට නියමිතය.
මේ අතර සජිත් පිළෙන් ඡන්දය ඉල්ලන කාවින්ද ජයවර්ධනට මිගමුවේ නාගරික මන්ත්‍රිවරුන්ගේ සහය අහිමි වෙන තත්වයක් දැනටමත් නිර්මාණය වෙමින් තිබේ.
ඇතැම් නාගරික මන්ත්‍රිවරුන් විජිත මුණි සොයියා ට සහය දක්වන බවද කියති.කෙසේ වෙතත් ලංසා පවුල සමඟින් සමිප සබඳතා පවත්වාගෙන යනු ලබන නාගරික මන්ත්‍රිවරුන් කිපදෙනෙකු කාවින්දට සහය පළකරනු ඇති බවද කියැවේ.
මේ අය අතර විපක්ෂ නායක රවි ජිවාන්නද සිටින බවය සැලය.
කෙසේ වෙතත් එජාප ලේකම්වරයා විසින් පසුගියදා යවන්නට යෙදුන ලිපියද හේතුකොට ගෙන සිය මන්ත්‍රිධුරය අහිමිකර නොගෙන දේශපාලන තින්දුවක් ගැනිමට බහුතරයක් දෙනා කැමැත්තෙන් සිටින බැව් පෙනේ.
කෙසේ වෙතත් අද එජාප ගම්පහ දිස්ත්‍රික් නායක අර්ජුණ රණතුංග හමුවිමට නාගරික මන්ත්‍රිවරුන් 13 දෙනෙකු පමණ එහි ගොස් තිබුණි.