එජාප මංත්‍රි කණ්ඩායම මහ සභා රැස්විමට පෙර දිනක සිය කණ්ඩායම් රැස්විම පවත්වනු ලැබේ.මෙහිදි ඇති කරගනු ලබන එකඟතා මත පදනම්ව මේ අය මහ සභා රැස්විමේදි කටයුතු කළ යුතුව තිබේ. එහෙත් මෙහිදි බොහෝ දුරට සිදුවනු ලබන්නේ පොදු එකඟතා පරයා මේ ඇතැම් මංත්රිවරුවන්ගේ පුද්ගලික න්‍යාය පත්රයන් එළියට පැමිණිමයි.
අපට ආණ්ඩු පක්ෂයේ ආරංචි මාර්ග ඔස්සේ දැන ගන්නට ලැබුනේ 2012 ජනවාරි මහ සභා
රැස්විමේදි කාරක සභා සදහා මන්ත්‍රිවරුන් වෙත ඡන්දය ප්‍රකාශ කිරිමේදි ආණ්ඩු පක්ෂයේ එක්තරා මන්ත්‍රිවරයෙක් හට සෞඛ්‍ය කාරක සභාව සදහා විපක්ෂයේ කිසිදු ඡන්දයක් ලබා නොදිය යුතු යැයි එකඟතාවකට පැමිණ තිබුනද අදාළ මංත්‍රිවරයාගේ ප්‍රබල හස්තයක් 2012 දින උදෑසන විපක්ෂයේ නවක මන්ත්‍රීවරයෙක් හරහා කර තිබුන ඉල්ලිමක ප්‍රතිඵලයක් ලෙසින් විපක්ෂ මංත්‍රින් 6 දෙනෙකුගේ ඡන්දය ලබා ගැනිමට සමත් ව තිබුණි.( මේ අය කව්දැයි අවැසි නම් ජනතාවට හෙළි කිරිමට අප බලාපොරොත්තු වෙමු. )මෙයට කෘත ගුණ සැලකිමක් නිසාදෝ විපක්ෂයේ වෘත්තිය වෛද්‍යවරයෙක් සිටියදි ඔහුට සෞඛ්‍ය කාරක සභාවට පත් කරගැනිමට උනන්දු වනවා වෙනුවෙට සුරතල් මසුන් ඇති කරනු ලබන තැනැත්තෙක් තෝරාපත් කර ගැනිමට ආණ්ඩු පක්ෂය උනන්දු වි තිබේ.