මීගමුවේ එන්නත් වැඩපිළිවෙල දේශපාලකයන්ගේ අතට දුන් MOH ට චෝදනා රැසක් …

0
154

මීගමුවේ එන්නත් වැඩසටහන මුල සිටම දේශපාලකයන්ගේ බුදලයක් කරගැනිමට ඉඩදි ඔහේ බලාගෙන සිටි සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි සමිර නැමැත්තාට මේ වනවිටත් චෝදනා රැසක් එල්ලවෙමින් තිබේ.
දේශපාලකයන් කොරෝනාව සිය දේශපාලනය වෙනුවෙන් වු විශේෂ ව්‍යාපෘතියක් කරගනිද්දි තවත් ඇතැමුන් එය ගරානාවක් කරගෙන සිටිති.
මේ අය අතර වෛද්‍යවරුන්ද ඉදිරියෙන්ම සිටිති.
පිටකොදු බිදගත් මෙවන් දොස්තරලා තමන් වෛද්‍ය වෘත්තියට පැමිණිමේදි දුන් මුලික ප්‍රතිඥා පාවා දෙමින් ගාරානාකාරයන් බවට පත්ව සිටිති.
අවාසනාවකට මිගමුවට එන ඉහල පෙලේ රාජ්‍ය නිලධාරින් බහුතරයන් ගාරානාකාරයන් බවට පත්ව සිටිති.
මහඋන් ප්‍රකෝටි ගණන්වලින් හම්බකරගනිද්දි මේ මේ රාජ්‍ය නිලධාරින්ද අගේට මල්ල කරේ දාගනිති
අද මිගමුව නගර සභාව අවට ප්‍රදේශවල අයට අදාල ග්‍රාම නිළධාරින් විසින් එන්නත විදිම සදහා තුණ්ඩු 600 ක් ලබාදි තිබුණි
එහෙත් දයාන් ලංසාගේ සහ නිමල් ලංසාගේ දේශපාලන හිතවතුන් විවිධ  ප්‍රදේශවලින් පැමිණ එන්නත VIP පෝලිම් වල සිට විදගෙන යාම නිසා මිගමුවේ අසරණ ජනයාට අදත් බෙහෙත් විදගැනිමට නොහැකි වි තිබේ.
තම දේශපාලන ගජයන්ට විකුණාගැනිමට පොත් බෙදාදෙන නගරාධිපතිලා එන්නතිනුත් දේශපාලනය කරන්නට ඉඩ දි බලාගෙන සිටින නිකමෙකුගේ ගානට වැටි ඇති මිගමුවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සැබැවින්ම ලංසා පවුලේ රූකඩයක් පමණක් බව අද බෙහෙත් විදගැනිමට පැමිණ ඒ අවස්ථාව නොලැබුන ජනයා මිපුර අමතා කියා සිටියේය.