මීගමුවේ කඩොල් කැලේ පිට්ටනිය දායන් ලංසාගේද ?

0
58

මීගමුවේ මහනගර සභාවේ ප්‍රතිපාදන යටතේ ඉදිකෙරුන ක්‍රිඩා පිට්ටනිය අද මුළුමනින්ම පාලනය වනුයේ මේ නගරයේ දේශපාලකයන් කිපදෙනෙකුට ඇවැසි පරිද්දෙන්ය.
මීගමුව සතු ප්‍රධානතම ක්‍රිඩාංගනය වු සරත්චන්ද්‍ර ගුණරත්න හෙවත් කඩොල් කැලේ එවකට නගරාධිපතිව සිටි නිමල් ලංසාගේ පොදු දේපල පවුල සහ හිතවතුන් සතුකර දිමේ ව්‍යාපෘතිය යටතේ කඩොල් කැලේ ක්‍රිඩාංගනය ජුපිටර්ස් ක්‍රිඩා සමාජය වෙත පැවරුණි.
ඒ වෙනුවෙන් වු කිසිදු කොන්දේසියක් මේ ක්‍රිඩා සමාජය විසින් අනුගමනය කර නොතිබුනද එය කිසිවිටකත් නගර සභාව සතුවුයේ නැත.
දැන් එහි මුදල් ආදායම් ගැනු ලබන්නේ එහි වත්මන් සභාපති දායන් ලංසා විසිනි.අගෝස්තු මස 28 29 30 යන දිනයන්හි පැවැත්වෙන නිකිණි වැස්ස නමින් වු සැණකෙළිය වෙනුවෙන් දායන් ලංසා වෙත එහි සංවිධායකයන් විසින් රු ලක්ෂයක මුදලක්  ගෙවා ඇතැයි වාර්ථා වේ.
පළාත් පාලන නිතිය ප්‍රකාර නම් මෙය එහෙම පිටින්ම කප්පමක් වුවද මේ වෙනුවෙන් නිතිය ඉදිරියට යාමට මීගමුවේ බදු ගෙවන්නන්ගේ සංගමයට හෝ විපක්ෂයට කොන්දක් නැත,මේ හේතුව නිසා දායන් ලංසාගේ  මිලියන ගණනින් වැයවන අතිසුඛෝපහෝගි ජිවිතය පවත්වාගෙන යැම වෙනුවෙන් මීගමුවේ මහජන දේපල අහිමිව යමින් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here